ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියා ඉන්දීය සාම සාධක හමුදාවේ රණශූරයින්ට උපහාර දැක්වීමේ උත්සවයකට සහභාගී විය.
ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය තුළ උත්තරීතර කැපකිරීමක් කළ ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) රණශූරයන්ට පුෂ්පෝපහාර දැක්වීමට ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං මහතා සහභාගී විය.
මෙම උත්සවය 2026 මැයි 19 වන දින බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය රණවිරු අනුස්මරණ භූමියේදී පැවැත්විය. මෙම අවස්ථාවට ඉන්දියානු ගුවන් හමුදාවේ අනෙකුත් සම්භාවනීය අමුත්තන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඔ කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.