ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී මාර්ෂල් අමර් ප්‍රීත් සිං මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා හමුවෙයි.
ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං මහතා  2026 මැයි 19 වනදින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි නිලධාරිතුමන්  විසින් ගුවන් මාණ්ඩලික ප්‍රධානී  පිළිගන්නා ලදී. ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් පිරිනමන ලද ගෞරව සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ ආරාධනයෙන් ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර එමඟින් කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ඒකාබද්ධ පුහුණුව, තාක්ෂණික දැනුම හුවමාරුව සහ සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගෙන ඇත.

එයාර් චීෆ් මාර්ෂල් සිං මහතා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය ද හමුවූ අතර ඉන් අනතුරුව ගුවන් හමුදාපති කාර්යාලයේදී ගුවන් ප්‍රධානීන් දෙදෙනා අතර නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.

Guard of Honour



Commander Call On
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි