ශ්‍රී ලංකා ගුවන් හමුදාව සේවා පුද්ගලයින් සඳහා ණය පහසුකම් පුළුල් කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන හරහා ගුවන් හමුදා සේවකයින් සඳහා ආකර්ශනීය ණය පහසුකම් හඳුන්වා දීමේ යෝජනාවක් මෑතකදී සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාෂල් රජින්ත් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් පුද්ගලික, නිවාස සහ වාහන ණය ආවරණය වන පරිදි පිරිනමන පුළුල් ණය පැකේජයක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් 2026 ජුනි 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කරන ලදී.

හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති / ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජය විජේමාන්න මහතා සහ  බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති / ප්‍රධානී කාංචන කරුණාගම මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී. සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාෂල් රජින්ත් ජයවර්ධන නිලධාරිතුමන් ගුවන් හමුදාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබන ලදී.

කෘෂිකර්ම හා සුභසාධන ව්‍යාපෘති අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් එරන්දික ගුණවර්ධන, නීති අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් හර්ෂනි කටුගම්පොල, මාණ්ඩලික නිලධාරී රාජ්‍ය ගිණුම්, ගෲප් කැප්ටන් මාලිංග සිල්වා යන මහත්ම මහත්මීන් ගුවන් හමුදාව නියෝජනය කරමින් සහ පුද්ගලික මූල්‍ය සේවා කළමනාකරු අසිත ප්‍රනාන්දු මහතා සහ කළුතර ශාඛා කළමනාකරු නලීන් ප්‍රේමරත්න මහතා ඇතුළු සමස්ත ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළ හැටන් නැෂනල් බැංකුව නියෝජනය කරමින් තවත් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි