ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 ජුනි 09 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේදී වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය පවත්වන ලදී. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් උදාර අන්ද්‍රාඩි නිලධාරිතුමන් විසින් ගුවන් හමුදාපතිවරයා පිළිගන්නා ලදී. එහිදී ඔහුට මාර්ගපෙළ ඛණ්ඩයක් මගින් ආචාර පිරිනමන ලදී. විශේෂයෙන් කඳවුරට සහ පොදුවේ ගුවන් හමුදාවට ලබා දුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පහත සඳහන් නිලධාරීන්ට ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බලපංති සැරයන් ප්‍රියංකා වයි.ඒ.ඒ (ආහාර සැපයුම් සහාය කනිෂ්ඨ අධීක්ෂක I)
බලපංති සැරයන් අනුරුද්ධ කුමාර වයි.කේ.ජී (යාන්ත්‍රික කාර්මික විශේෂඥ I)
කෝප්‍රල් ජයරත්න ඒ.එච්.ජී.ඩී.එල් (කොන්ත්‍රාත් කාර්මික විශේෂඥ I)
නායක ගුවන් භට හරිශ්චන්ද්‍ර ඩබ්ලිව්.ඩී.ජී.බී (කෘෂි සහාය III)
නායක ගුවන් භට ගමගේ ජී.ටී.ආර්.වී (කෘෂි සහාය III)
සිවිල් යූ.ජී.කේ.ටී ජයතිලක (වැඩ සහාය II)

පරීක්ෂාව අතරතුර ගුවන් හමුදාපතිවරයා කඳවුරේ මූලස්ථානය, අංක 47 රෙජිස්ට්‍රාර් අංශය, ආගන්තුක සත්කාර කළමනාකරණ පාසල, උපකරණ අංශය, සුභසාධන වෙළඳ සැල, ඉලෙක්ට්‍රොනික අංශය, එම්ටී අංශය, වෛද්‍ය අංශය, ක්‍රීඩා අංශය, ගුවන් භට හා ගුවන් කාන්තා භෝජනාගාරය සහ බලලත් නිලධාරින්ගේ සහ ජේෂ්ඨ අධිකාරි නොලත් නිලධාරිනගේ භෝජනාගාරය, නිලධාරීන්ගේ ප්‍රවාහන කොටස, ප්‍රධාන ආරක්ෂක මැදිරිය සහ මැහුම් අංශය ඇතුළු කඳවුරේ සියලුම ප්‍රදේශ පරීක්ෂා කරන ලදී. අංශ පරීක්ෂා කිරීමෙන් පසු අණදෙන නිලධාරී ගොල්ෆ් පිටියේ සමරු වෙළඳ සැල නැරඹීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි