ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය 2026 ජුනි 09 වන දින සිදු කරන ලදී.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සනෝජ් ජයරත්න නිලධාරිතුමන් විසින් ගුවන් හමුදාපතිතුමන් පිළිගන්නා ලදී. ගුවන් හමුදා ප්‍රමිතියට අනුකූල මාර්ගපෙළ ඛණ්ඩයක් මඟින් ගුවන් හමුදාපතිතුමන්ට ගෞරවාචාර දැක්වීම සිදු කරන ලදී.
ගුවන් හමුදාපතිතුමා කඳවුරු මූලස්ථානය, රෝහල, ඉලෙක්ට්‍රොනික අංශය, ව්‍යායාම ශාලාව, පෙර පාසල, නිල ඇඳුම් කට්ටල අංශය, ප්‍රධාන ආරක්ෂක මැදිරිය, උපකරණ අංශය, අංක 2 සැපයුම් සහ නඩත්තු ඩිපෝව, බලලත් නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ භෝජනාගාරය, ගුවන් භට සහ ගුවන් කාන්තා සමාජ ශාලාව, කෝප්‍රල් සමාජ ශාලාව, ගුවන් භට සහ ගුවන් කාන්තා භෝජනාගාරය, ධාවන පථ ව්‍යාපෘතිය, අංක 7 සහ 9 හෙලිකොප්ටර් බලඝණය, අවි ගබඩාව, K9 අංශය, ප්‍රවාහන අංශය, අංක 25 රෙජිමේන්තු පක්ෂාංගය, සුභසාධන වෙළද සැල, ක්ලිපර් සැලෝන්, නිලධාරී භෝජනාගාරය ඇතුළු කඳවුරේ සියලුම ප්‍රදේශ පරීක්ෂා කිරීමෙන් පසුව ගුවන් භට භෝජනාගාරයේ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ සම්ප්‍රදායික සියලු නිලයන්ගේ සංග්‍රහ සඳහා එක්විය.
ගුවන් හමුදාවට කළ විශිෂ්ට සේවය අගයමින් සේවා පුද්ගලයින් අට දෙනෙකුට ගුවන් හමුදාපතිතුමාගෙන් ප්‍රශංසා සහතික ලබාදෙන ලදී.
බලලත් නිලධාරී ඊ.එම්.යූ.ඒ.බී ඒකනායක (ශාරීරික පුහුණු උපදේශක විශේෂ (I))
බලලත් නිලධාරී එස්.ඒ.එම්.පී අමරතුංග. (නිල ඇඳුම් කට්ටල පරීක්ෂක (III))
බලපංති සැරයන් නිමලරත්න ජී.ඒ.එන්.එන්.කේ (ගුවන් එන්ජින් (ෆිටර්) විශේෂ (I))
බලපංති සැරයන් ප්‍රේමරත්න බී.ජී.එස්.සී (පරිගණක කාර්මික ශිල්පී විශේෂ (I))
සැරයන් විජේසූරිය එච්.ඒ.එස්.ටී (ගුවන් යානා විදුලි සහ උපකරණ ශිල්පි)
බලපංති සැරයන් රත්නායක ආර්.එම්.එස්.ඩී (නිල ඇඳුම් කට්ටල පරීක්ෂක (III))
සැරයන් දසනායක එස්.එස්.බී (ගුවන් යානා භූමි ආධාරක උපකරණ Mech විශේෂ (I))
කෝප්‍රල් රාජපක්ෂ එස්.එස්.කේ (පරිගණක කාර්මික ශිල්පී විශේෂ (I))