ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශය 23 වැනි සංවත්සරය සමරයි.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය 2026 ජුනි 13 වනදින සිය 23 වන සංවත්සරය සමරන ලදී. එය ස්ථාපිත කළ දා සිට ගුවන් හමුදා මූලස්ථානයේ නියෝගවලට අනුකූලව සිදු කරන ලද ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යටිතල පහසුකම් සංවර්ධන අවශ්‍යතා සඳහා සහාය වීම සඳහා පක්ෂාංගය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.

සංවත්සරයට සමගාමීව සීදුව වෘත්තීය පුහුණු ආයතනයේ ප්‍රජා සේවා වැඩසටහනක් පක්ෂාංගය විසින් පවත්වන ලදී. වැඩසටහනේ කොටසක් ලෙස ආයතනයේ භෝජනාගාර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ ආයතනයේ ආබාධිත දරුවන් සඳහා දිවා ආහාරයක් වේලක් ලබාදෙන ලදී.

සංවත්සර සැමරුමේ කොටසක් ලෙස සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දිමුතු ඒකනායක නිලධාරිතුමන් විසින් චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියක් පවත්වන ලදී. නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සුහදශීලී ක්‍රිකට් තරඟාවලියක් ද සංවිධානය කරන ලදී. සියලු නිලයන්ගේ දිවා ආහාරයෙන් සංවත්සර සැමරුම අවසන් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි