ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි.
ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් බී. ෂ්නයිඩර් මහතා 2026 ජුනි 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් ජෙනරාල් ෂ්නයිඩර් මහතා පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.
මෙම සංචාරය අතරතුර ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාපතිවරයා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ද හමුවිය. හමුදාපතිවරුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ඡාවලදී ඒකාබද්ධ පුහුණුව සහ තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු ඵලක හුවමාරු කර ගැනීමෙන් පසුව නිල සංචාරය අවසන් විය.

Guard of
honour