ශ්‍රී ලංකා ගුවන් හමුදාව KIA මෝටර්ස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2026 ජුනි 24 වනදින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සමාගමක් වන KIA මෝටර්ස් (ලංකා) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
KIA මෝටර්ස් (ලංකා) සමාගම වෙනුවෙන් KIA මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෲ එම් පෙරේරා මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන නිලධාරිතුමන් ගුවන් හමුදාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවට ගුවන් හමුදාව නියෝජනය කරමින් නීති අංශයේ නියෝජිතයින්, සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සාමාන්‍යාධිකාරී - මූල්‍ය, නිර්මලා හපුආරච්චි මහත්මිය, අමතර කොටස් - සාමාන්‍යාධිකාරී - සාලිය සේමසිංහ මහතා, වැඩමුළුව - කළමනාකරු - දමිත් එන්. විජේසිංහ මහතා සහභාගී විය.