රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සුභසාධන ව්‍යාපෘති ඒකකය සිය 07 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සුභසාධන ව්‍යාපෘති ඒකකය සිය 07 වන සංවත්සරය 2026 ජුනි මස 26 වන දින සිය 07 වන සංවත්සරය සමරනු ලැබීය.

එම ඒකකය ස්ථාපිත කළ දා සිට, සියලුම ශ්‍රී ලංකා ගුවන් හමුදා ආයතනවල සුභසාධන වෙළඳසැල් වෙත සහනදායී මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රසම්පාදනය සහ බෙදා හැරීම මෙම ආයතනය මගින් සිදු කරනු ලබයි. මෙම වගකීමට අමතරව, ගුවන් හමුදා මූලස්ථානයේ නියෝගවලට අනුකූලව සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් සේවා නිලධාරීන්, සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සඳහා මෙම ඒකකය අඛණ්ඩව සහාය වේ.

සංවත්සරය සැමරීම සඳහා, 2026 ජුනි 25 වන දින රත්මලාන සුබෝධාරාමයේදී දානමය උත්සවයක් පවත්වන ලදී. ගුවන් හමුදා සුභසාධන ව්‍යාපෘති ඒකකයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් සජිත් තිලකරත්න සහ ඒකකයේ සියලුම නිලයන් සහභාගී වී ගුවන් හමුදාවේ අඛණ්ඩ ප්‍රගතිය සහ යහපැවැත්ම සඳහා ආශිර්වාද ලබා ගත්හ.

සංවත්සර වැඩසටහනේ කොටසක් ලෙස වැඩ පෙළපාළියක් පවත්වන ලද අතර එය අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් සජිත් තිලකරත්න විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස්, සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් නිරෝෂ් රාජසිංහ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ ගුවන් හමුදා සුභසාධන ව්‍යාපෘති ඒකකයේ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය. 07 වන සංවත්සර සැමරුම සියලු නිලයන් සදහා පවත්වනු ලැබු දිවා භෝජන සංග්‍රහයකින් අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි