දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නව ශිෂ්‍ය නිලධාරී පාඨමාලා ආරම්භ සනුටුවහන් කරයි
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අංක 78 සහ අංක 80 බී සෘජු ප්‍රවේශ ශිෂ්‍ය නිලධාරී පාඨමාලා 2026 ජුනි 26 දින  ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න මහතා සහභාගී විය.

මෙම පාඨමාලාවට එක්වූ ශිෂ්‍ය නිලධාරීන් හත් දෙනෙකු දින 40ක දැඩි සටන් හා පරිපාලන පුහුණු වැඩසටහනක් සාර්ථකව සම්පූර්ණ කරමින් ගුවන් හමුදා නිලධාරීන් ලෙස සිය වෘත්තීය ගමන ආරම්භ කළහ.

පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වූයේ සිවිල් ජීවිතයෙන් පැමිණි තරුණයන් විනයගරුක, වෘත්තීයමය සහ නායකත්ව ගුණාංගවලින් සමන්විත ගුවන් හමුදා නිලධාරීන් බවට පත් කිරීමයි. ඒ සඳහා මූලික ගොඩබිම් සටන් පුහුණුව සහ මූලික පරිපාලන පුහුණුව යන ප්‍රධාන අංශ දෙක යටතේ සරඹ, ක්ෂේත්‍ර ශිල්පය, භූමි සංචලනය, උපක්‍රම, ආයුධ භාවිතය, මානව හිමිකම්, ප්‍රථමාධාර, අණ හා නායකත්වය, නිලධාරීන්ගේ වගකීම් සහ ගුවන් හමුදා පරිපාලනය ඇතුළු අත්‍යවශ්‍ය විෂයයන් පිළිබඳ පුළුල් පුහුණුවක් ලබා දෙන ලදී.

මෙම පුහුණු වැඩසටහන දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස මහතා සහ  අණදෙන නිලධාරී පුහුණු ගෲප් කැප්ටන් වසන්ත ලක්ෂ්මන් නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වුණු අතර, උත්සවයේ සංවිධාන කටයුතු සහ මෙහෙයවීම කැඩෙට් පුහුණු ප්‍රධාන උපදේශක බලඝණ නායක මනුල පොල්ගම්පොල  විසින් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි