2026 අන්තර් ඒකක බර එසවුම් ශූරතාවලිය සාර්ථකව නිමාවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2026 අන්තර් ඒකක බර එසවුම් ශූරතාවලිය 2026 ජුනි 25 සහ 26 යන දෙදින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව පැවැත්විණි. ශූරතාවලියේ අවසන් තරඟ හා සම්මාන ප්‍රදානෝත්සවය ජුනි 26 දින කඳවුරු දේශන ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ  අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමල් පෙරේරා නිළධාරීතුමන් සහභාගී වූ අතර, ගුවන් හමුදා බර ඉසිලීමේ සභාපති එයාර් කොමඩෝර් සනෝජ් ජයරත්න මහතා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ ආරාධිත අමුත්තන් රැසක්ද උත්සවයට එක්වූහ.

මෙවර ශූරතාවලිය පිරිමි සහ කාන්තා අංශ යටතේ බර කාණ්ඩ අටක් ඔස්සේ තරඟ පැවැත්වුණු අතර, ගුවන් හමුදා කඳවුරු  රැසක් නියෝජනය කරමින් තරඟකරුවන් 80කට අධික පිරිසක් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.

තරඟාවලියේ සමස්ත පිරිමි සහ සමස්ත කාන්තා ශූරතා දෙකම ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනාගත් අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර එම අංශ දෙකේම අනුශූරතාවය  බවට පත්විය.

පුද්ගලික දක්ෂතා අතරින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බලපන්ති සැරයන් ලියනගේ එල්.එස්.එච්. පිරිමි අංශයේ හොඳම එසවුම්කරු ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා රූපචන්ද්‍ර ඩබ්ලිව්.එච්.පී.එම්. කාන්තා අංශයේ හොඳම එසවුම්කාරිය ලෙස සම්මාන ලැබුවාය.

ශූරතාවලිය තුළදී ශ්‍රී ලංකා ගුවන් හමුදා බර එසවුම් ඉතිහාසයේ නව වාර්තා කිහිපයක්ද පිහිටුවීම විශේෂත්වයක් වූ අතර, එය ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉහළ දක්ෂතාව සහ කැපවීම මනාව පිළිබිඹු කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි