එක්සත් ජනපද ජාතික දින සැමරුමට ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම එක්වෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන ජාතික දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 2026 ජුනි 30 දින හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ සංවිධානය කළ ඒකාබද්ධ හමුදා තූර්ය වාදක සංදර්ශනයට ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහභාගී විය.

මෙම ප්‍රසංගයට එක්සත් ජනපද මැරීන් III මැරීන් ගවේෂණ බලකායේ බ්‍රාස් ක්වින්ටෙට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම් එක්වූ අතර, මහජනතාවට නොමිලේ විවෘත කළ මෙම වැඩසටහනට විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී විය.

ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් ලෙස රංගන කලා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් සංජය විතාන මහතා සහභාගී වූ අතර, ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ රංගන කලා අංශයේ අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් ගයාන් ජෝසප් මහතා විසිනි.

වසර හයකට ආසන්න විරාමයකින් පසු ශ්‍රී ලංකාවේ පැවති පළමු මහජන හමුදා තූර්ය වාදක සංදර්ශනය ලෙස මෙම අවස්ථාව විශේෂ සන්ධිස්ථානයක් ද සනිටුහන් කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි