මිරිගම ගුවන් හමුදා කඳවුරේ ADC&CC 20 වන සංවත්සරය සමරයි
මිරිගම ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය (ADC&CC) 2026 ජූලි මස 01වන දින එහි 20 වන සංවත්සරය සමරනු ලැබීය. 2006 දී පිහිටුවන ලද ADC&CC ගුවන් අවකාශය ආරක්ෂා කිරීමේ මූලික වගකීම ඇතිව ජාතික ගුවන් ආරක්ෂක ජාලයේ පාලන මධ්‍යස්ථානය ලෙස සේවය කරයි.
ආරම්භයේ සිටම, අඛණ්ඩ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තාක්‍ෂණික දියුණුව තුළින් ජාතියේ ගුවන් ආරක්ෂක හැකියාව ශක්තිමත් කිරීම සඳහා ADC&CC වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. පසුගිය දශක දෙක තුළ මෙම මධ්‍යස්ථානය එහි නිරීක්ෂණ, අණ සහ පාලන හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇති අතර, එමඟින් ජාතික ආරක්ෂක සම්බන්ධ ඉල්ලීම්වලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකි වේ.
මෙම වැදගත් සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා, බලඝණ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ප්‍රජා සේවා වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. 2026 ජුනි මස 24 වන දින, මහා බෝධි ළමා නිවාසයේ වටපිටාව පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදු කරන ලද අතර, එහිදී දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී. 2026 ජුනි 25 වන දින, පාසල් සිසුන් අතර හොඳ මුඛ සෞඛ්‍යාරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්න දන්ත පිළිවෙත් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ සිසුන් සඳහා මුඛ සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
සංවත්සර සැමරුම් 2026 ජූලි 01 වන දින චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් අවසන් විය. සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කදවුරැ ක්‍රීඩා පිටියේ පැවති සුහද ක්‍රිකට් තරඟයකින් සංවත්සර සැමරුම් අවසන් විය.