ගුවන් හමුදාපතිතුමන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 ජූලි 04 දින චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ වාර්ෂික අණදෙන නිලධාරී පරීක්ෂණය සිදු කරන ලදී. විධිමත් පරීක්ෂණයට පෙර, ඇකඩමියේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අණදෙන නිලධාරී පරීක්ෂණ පෙළපාළියද ගුවන් හමුදාපතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.
ඇකඩමිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් දැක්වූ කැපී පෙනෙන සේවය අගයමින් පහත සදහන් සේවා සාමාජිකයින් දස දෙනෙකුට ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.
බළපංති සැරයන් විමලසූරිය එස්.ඒ.පී.ඩී.
බළපංති සැරයන් සම්පත් අයි.ජී.එච්.
බළපංති සැරයන් බණ්ඩාර ඩබ්ලිව්.එම්.සී.ජේ.
බළපංති සැරයන් චින්තක කුමාර
සැරයන් සඳරුවන් ඒ.ජී.එන්.සී.
සැරයන් ධර්මරත්න ජී.එල්.එස්.පී.
කෝප්‍රල් බණ්ඩාර එන්.ජී.බී.පී.
කෝප්‍රල් අතුකෝරල ඒ.ඒ.පී.එස්.
කෝප්‍රල් මධුසංඛ ඩබ්ලිව්.ඩී.
නායක ගුවන් භට ජයතුංග ජේ.ඩී.
පරීක්ෂණයේදී ගුවන් හමුදා විද්‍යාපීඨ මූලස්ථානය, අධ්‍යයන අංශය, අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය, අංක 3 නාවික සංචාරක පක්ෂාංගය, අංක 24 රෙජිමේන්තු පක්ෂාංගය, කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය, ක්ෂේත්‍ර පුහුණු පක්ෂාංගය, අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල, සමාජ ශාලා, කාර්යාල, නවාතැන් පහසුකම් සහ නිලධාරී කැඩෙට් කාර්යාල සංකීර්ණය නිරීක්ෂණයට ලක් කළ අතර, මෙහෙයුම් සූදානම, පුහුණු ප්‍රමිතීන්, පරිපාලන කටයුතු සහ සුබසාධන පහසුකම් සමාලෝචනය කරන ලදී.
පරීක්ෂණය අවසානයේ විද්‍යාපීඨයේ සියලුම කාර්ය මණ්ඩලය අමතමින්, ගුවන් හමුදාපතිවරයා ඔවුන්ගේ වෘත්තීයභාවය හා කැපවීම අගය කළ අතර, දක්ෂ ගුවන් හමුදා නිලධාරීන් බිහිකිරීමේදී විද්‍යාපීඨය ඉටු කරන කාර්යභාරය අවධාරණය කළේය. එමෙන්ම, ගුවන් හමුදාවේ අනාගත සංවර්ධනය සඳහා උසස් තාක්ෂණය භාවිතය, මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සහ කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනය අඛණ්ඩව ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.