ඇල්ල, කුබල්වෙල ගින්න නිවා දැමීමට ගුවන් හමුදාව සහාය වේ
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) 2026 ජූලි මස 04 සහ 05 යන දෙදින තුළ ඇල්ල, කුබල්වෙල සහ දූව වනාන්තර ප්‍රදේශවල මහා පරිමාණ ලැව් ගින්නක් සාර්ථකව නිවා දැමීමට සහාය විය.
තොරතුරු ලැබුණු පසු, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ලලිත් සුගතදාසගේ මඟ පෙන්වීම යටතේ, කණ්ඩායම ඉක්මනින් නියමිත ස්ථාන වෙත ගොස් ගින්න පාලනය කළ අතර වන රක්ෂිතයට සිදුවීමට ගිය විශාල හානියක් වැලැක්වීය.