නීති විරෝධී ආයෝජන සැලසුම් වැළැක්වීම, ආර්ථික බිඳවැටීම සහ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැගීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
නීති විරෝධී ආයෝජන සැලසුම් වැළැක්වීම, ආර්ථික බිඳවැටීම සහ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැගීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජූලි මස 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.

නීති විරෝධී ආයෝජන යෝජනා ක්‍රම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මූලික හේතු සහ ජාතික ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා අනුගමනය කරන උපාය මාර්ග පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා නීති අංශයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට  ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිළයන් සහභාගී විය.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්එම්සීඑච්කේ ජයසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්පීවයිඩබ්ලිව් සේනාධීර මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී. නීති විරෝධී ආයෝජන යෝජනා ක්‍රම වැළැක්වීම, ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමට දායක වූ ප්‍රධාන සාධක සහ රටේ ආර්ථික ප්‍රකෘතියට පහසුකම් සැලසීම සඳහා ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිමය පියවර සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් ඉදිරිපත් කිරීම් ඔවුන් විසින් සිදු කරන ලදී. 

මෙම වැඩසටහන සහභාගිවන්නන්ට විශේෂඥයින් සමඟ සම්බන්ධ වීමට, නැගී එන මූල්‍ය ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීමට සහ වගකිවයුතු ආයෝජන පිළිවෙත් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය කරැණු ඉදිරිපත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි