ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා 2026 ජූලි 06 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි නිළධාරීතුමන් විසින් නාවික හමුදාපතිවරයා පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.
මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර ඒකාබද්ධ පුහුණුව, තාක්ෂණික දැනුම හුවමාරුව සහ සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම් වැඩිදියුණු කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. නාවික හමුදාපතිවරයා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් ද හමුවිය.
නිල සංචාරය සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී