ගුවන් හමුදාපතිවරයා අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් පරීක්ෂා කරයි
මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 ජූලි 07 දින විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන ලදී.
මෙහිදී ගුවන් හමුදාපතිවරයා ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව කරුණු විමසීය. වර්ග අඩි 50,000ක පමණ ප්‍රදේශයක ඉදිකරන මෙම මහල් පහකින් සමන්විත නව ගොඩනැගිලි සංකීර්ණය රෝගීන් 80 දෙනෙකුට නේවාසික පහසුකම් සැලසීමට සැලසුම් කර ඇති අතර, ළමා දැඩි සත්කාර ඒකකයක් (PICU) සහ ළමා බාහිර රෝගී රසායනික චිකිත්සක ඒකකයකින්ද සමන්විත වේ.
ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් සහ පාර්ශ්වයන් අමතමින් ගුවන් හමුදාපතිවරයා, ඉදිකිරීම් කටයුතු නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සහ අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.