අංක 06 ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) උසස් පාඨමාලාවේ සහතික හා ලාංඡන ප්‍රදානෝත්සවය පවත්වයි
අංක 06 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) උසස් පාඨමාලාවේ සහතික හා ලාංඡන ප්‍රදානෝත්සවය 2026 ජූලි 07 දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 49 CBRNE පක්ෂාංගයේදී පැවැත්විණි. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත ජයමහ මහතා සහභාගී විය.

විභව CBRNE තර්ජන සඳහා පළමු ප්‍රතිචාර දක්වන්නන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ පුහුණුව ලබාදීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ විය. පේරාදෙණිය කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් විසින් පවත්වන ලද ගෘහස්ථ කෘමීන් හා පළිබෝධ පාලනය පිළිබඳ පුහුණු වැඩසටහනක්ද පාඨමාලාවට ඇතුළත් විය.

මෙවර පාඨමාලාවට නිලධාරීන් හය දෙනෙකු, ගුවන් භටයින් 14 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව 23 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ට CBRNE පළමු ප්‍රතිචාර ලාංඡන සහ සහතික පිරිනමන ලදී.

පාඨමාලාවේ දක්ෂතම නිලධාරියා ලෙස බලඝණ නායක ප්‍රමෝද් අබේසිරි මහතාද, දක්ෂතම CBRNE පළමු ප්‍රතිචාර දක්වන ගුවන් භට/ගුවන් කාන්තාව ලෙස නායක ගුවන් කාන්තා හංසමාලි ඩබ්ලිව්.ඒ.වයි. ඇගයීමට ලක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි