ගුවන් හමුදා පාලවී කඳවුර සිය අභිමානවත් 04 වන සංවත්සරය සමරයි
පාලවී ගුවන් හමුදා කඳවුර තම 04 වන සංවත්සරය පසුගිදා (01) අභිමානවත් ලෙස සැමරීය. ගුවන් හමුදා  අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කීර්ති වන්නිගම සංවත්සර වැඩ පෙළපාලිය පරීක්ෂා කරමින් 04 වන සංවත්සරයේ වැඩකටයුතු ඇරඹීය.

මෙම සංවත්සරයට සමගාමීව පුත්තලම දාලුව විහාරය හා අවට සුද්ද පවිත්‍ර කර කදවුරු පරිස්‍රයේදී ලේ දං දීමේ වැඩසටහනක් හා පැල සිටුවීමක්ද සිදුකරන ලදී.

තවද,අණදෙන නිලධාරී තුමන් කදවුරේ සියලුම නිලයන් හා සිවිල් සාමාජිකයන් ඇමතීමෙන් අනතුරුව සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා තරග සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියළුම නිලයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.














airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි