ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය.
2026 අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2026 ජූලි 13 සිට 15 දක්වා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පවත්වන ලදී.  ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් තරඟ කරන ලදී.

පිරිමි බර කාණ්ඩ අටක් සහ කාන්තාවන් බර කාණ්ඩ හතක් යටතේ පවත්වන ලද දැඩි හා උද්යෝගිමත් තරඟයක අවසානය සනිටුහන් කරමින් 2026 ජූලි 15 වන දින අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය පවත්වන ලදී. තනි බර කාණ්ඩවලට අමතරව, පිරිමි සහ කාන්තා විවෘත බර ඉසව් සහ කණ්ඩායම් ඉසව් ද පවත්වන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකෙහිම සමස්ත ශූරයන් බවට පත් වූ අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාණ්ඩ දෙකෙහිම අනුශූරතාවය දිනා ගන්නා ලදී.

සම්මාන ප්‍රදානෝත්සවය පරිපාලන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න විසින් සිදු කරන ලදී. ගුවන් හමුදා ජූඩෝ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් මනෝජ් ගලප්පත්ති, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්.ඩී.එම්.සී මනතුංග, කටුනායක ගුවන් හමුදා කඳවුරේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජී.ටී.යූ.අයි විජේරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ නියෝජනය කරමින්, ගුවන් හමුදා ජූඩෝ සංගමයේ ලේකම් විංග් කමාන්ඩර් එස්.ටී.ඩී තරින්ද, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය


පිරිමි


කිලෝග්‍රෑම් 50 ට අඩු
පළමු ස්ථානය - ගුවන් භට හේරත් එච්.එම්.ඒ.එස්.බී (දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල)

දෙවන ස්ථානය - ගුවන් භට සරච්චන්ද්‍ර ටී.ජී.එස්.වයි (ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

තෙවන ස්ථානය - ගුවන් භට දෙව්මාල් ජේ.ඒ.සී.වී (ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

තෙවන ස්ථානය - නායක ගුවන් භට රත්නායක ආර්.එම්.එස්.එල් (ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර)

කිලෝග්‍රෑම් 55 ට අඩු


පළමු ස්ථානය - ගුවන් භට කරුණාතිලක (ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

දෙවන ස්ථානය - නායක ගුවන් භට ධනුෂ්ක ඩබ්ලිව්.එම් (කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - ගුවන් භට මධුශංක කේ.පී (ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

තෙවන ස්ථානය - ගුවන් භට ශාලින්ද ඒ.එම්.එන් (ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

තෙවන ස්ථානය - ගුවන් භට නයනජිත් එම්.ඩබ්ලිව්.ඩී (අම්පාර ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය)

තෙවන ස්ථානය - ගුවන් භට කුලතුංග එම්.ජී.ඩී (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)
තෙවන ස්ථානය - ගුවන් භට මල්ෂාන් ඩී.ආර්.එස් (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)
තෙවන ස්ථානය - ගුවන් භට ලතුක්ෂාන් එල් (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

කිලෝග්‍රෑම් 66 ට අඩු
පළමු ස්ථානය - කෝප්‍රල් සදුන්කුමාර එච්.එම් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)

දෙවන ස්ථානය - බලපංති සැරයන් ලියනගේ එල්.එස්.එච් (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
තෙවන ස්ථානය - ගුවන් භට රූපසිංහ ඩබ්ලිව්.ජී.ඕ.එන් (ඒකල ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - ගුවන් භට යුලක්ස්නන් එස් (ඒකල ගුවන් හමුදා කඳවුර)

කිලෝග්‍රෑම් 73 ට අඩු
පළමු ස්ථානය - කෝප්‍රල් විමලරත්න ජී.සී.එච්.එෆ් (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

දෙවන ස්ථානය - නායක ගුවන් භට ලක්මාල් ඩබ්ලිව් (චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය)

තෙවන ස්ථානය - නායක ගුවන් භට දිසානායක ඩී.එම්.ජේ.වී (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - කෝප්‍රල් තරිඳු ඩී.ජේ.එම්.ඩී.ආර් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර ජයවර්ධනපුර)

කිලෝග්‍රෑම් 81 ට අඩු

පළමු ස්ථානය - නායක ගුවන් භට චන්ද්‍රකාන්ත ජේ.ඩී.එම්.ඩබ්ලිව් (වවුනියාව ගුවන් හමුදා කඳවුර)
දෙවන ස්ථානය - නායක ගුවන් භට පැතුම් කේ.එල් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - නායක ගුවන් භට බාලසූරිය බී.එම්.එස්.කේ (චීන වරාය ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - සැරයන් අනුරාධ එච්.ජී.එන් (ඒකල ගුවන් හමුදා කඳවුර)

කිලෝග්‍රෑම් 90 ට අඩු
පළමු ස්ථානය - සැරයන් අසංක එල්.බී.පී (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - නායක ගුවන් භට දිසානායක ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩී (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

කිලෝග්‍රෑම් 90 ට වැඩි

පළමු ස්ථානය - නායක ගුවන් භට ගයන්ත එම්.කේ (අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය)

තෙවන ස්ථානය - නායක ගුවන් භට (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

තෙවන ස්ථානය - කෝප්‍රල් ගුණසිරි ඩී.එම්.සී.ඩී (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර) ජයවර්ධනපුර)

පිරිමි - විවෘත ඉසව්ව
පළමු ස්ථානය - කෝප්‍රල් සදුන්කුමාර එච්.එම් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)
දෙවන ස්ථානය - නායක ගුවන් භට නයනජිත් එම්.ඩබ්ලිව්.ඩී (ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය අම්පාර)
තුන්වන ස්ථානය - කෝප්‍රල් තිලකරත්න (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානය - නායක ගුවන් භට දිසානායක (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)


කාන්තා

කිලෝග්‍රෑම් 44 ට අඩු
පළමු ස්ථානය- නායක ගුවන් කාන්තා නන්දසිරි ඩබ්ලිව්.ජී.එස්.එල්.එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨය)

දෙවන ස්ථානය- ගුවන් කාන්තා හෙට්ටිආරච්චි එච්.ඒ.කේ.කේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා  වෘත්තීය පුහුණු පාසල ඒකල)

තෙවන ස්ථානය- ගුවන් කාන්තා ජයසිරි පී.එම්.එන්.ටී (ශ්‍රී ලංකා ගුවන් හමුදා  සටන් පුහුණු පාසල දියතලාව)

කිලෝග්‍රෑම් 48 ට අඩු

පළමු ස්ථානය- ගුවන් කාන්තා විජේසිංහ ඩබ්ලිව්.ඒ.එස්.එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා  වෘත්තීය පුහුණු පාසල ඒකල)

තෙවන ස්ථානය- ගුවන් කාන්තා කෞශල්‍යා යූ.ජී.පී (ශ්‍රී ලංකා ගුවන් හමුදා  කඳවුර හිඟුරක්ගොඩ)

තෙවන ස්ථානය- ගුවන් කාන්තා හේරත් එච්.එම්.එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨය)

තෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා තක්ෂිලා එම්.ඒ.එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨය)

කිලෝග්‍රෑම් 52 ට අඩු
පළමු ස්ථානය- නායක ගුවන් කාන්තා නිර්මාලි ජී.ජී.එම්.එච්  (ශ්‍රී ලංකා ගුවන් හමුදා   සටන් පුහුණු පාසල දියතලාව)

තෙවන ස්ථානය- ගුවන් කාන්තා දිල්හාර එච්.ජී.වී (ශ්‍රී ලංකා ගුවන් හමුදා   සටන් පුහුණු පාසල දියතලාව)

තෙවන ස්ථානය- ගුවන් කාන්තා ගමගේ එස්.එස්(ශ්‍රී ලංකා ගුවන් හමුදා   වෘත්තීය පුහුණු පාසල ඒකල)
3 වන ස්ථානය - නායක ගුවන් කාන්තා සෙව්මිනි ඊ.එච්.එම් (වවුනියාව ගුවන් හමුදා කඳවුර)

කිලෝග්‍රෑම් 57 ට අඩු
පළමු ස්ථානය - ගුවන් කාන්තා බණ්ඩාර එච්.එම්.එස්.ටී (ඒකල ගුවන් හමුදා කඳවුර)

දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා මධුවන්ති ඩී.ඒ.එල් (හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානය - ගුවන් කාන්තා සරණි වී (දියතලාව ගුවන් හමුදා කඳවුර)

3 වන ස්ථානය - නායක ගුවන් කාන්තා ලක්ෂානි ඩී.එම්.ඩී (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)

63 kg ට අඩු

1 වන ස්ථානය - කෝප්‍රල් දෙව්මිණි එස්.ඒ.ඩී.එන් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)
2 වන ස්ථානය - ගුවන් කාන්තා පෙරේරා එච්.වයි.එස්.එන් (ඒකල ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානය - නායක ගුවන් කාන්තා කෞෂල්‍යා අයි.ඩී (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානය - නායක ගුවන් කාන්තා ඉරෝෂනි කේ.ආර්.එච් (වවුනියාව ගුවන් හමුදා කඳවුර)

70 kg ට අඩු
1 වන ස්ථානය - ගුවන් කාන්තා සෙව්වන්දි එස්.එම්.ජී (ශ්‍රී ලංකා ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨය) 
දෙවන ස්ථානය - කෝප්‍රල් ගුණසේකර කේ.එස්.ඩී (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානය - නායක ගුවන් කාන්තා පතිරාජ ඩබ්ලිව්.පී.එච්.කේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨය)
3 වන ස්ථානය - නායක ගුවන් කාන්තා සෙව්වන්දි ටී.ඒ.පී (ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර)

70kg ට වැඩි

පළමු ස්ථානය - සැරයන් පෙරේරා ඩී.එච්.ආර්.ඊ (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)
දෙවන ස්ථානය - කෝප්‍රල් ප්‍රනාන්දු එම්.එන්.සී (ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර)
3 වන ස්ථානය - නායක ගුවන් කාන්තා ප්‍රබෝදකුමාරි යූ.ආර්.ඩී (ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර) 
3 වන ස්ථානය - ගුවන් කාන්තා සේනාධීර එස්.වී.කේ.පී (ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර)

විවෘත සිදුවීම
පළමු ස්ථානය - සැරයන් පෙරේරා ඩී.එච්.ආර්.ඊ (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)
දෙවන ස්ථානය - කෝප්‍රල් දෙව්මිණි එස්.ඒ.ඩී.එන් (ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානය - ගුවන්  කාන්තා බණ්ඩාර එච්.එම්.එස්.ටී (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
තුන්වන ස්ථානය - ගුවන්  කාන්තා සෙව්වන්දි එස්.එම්.ජී (ශ්‍රී ලංකා ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨය)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි