පාකිස්තාන හිටපු මහ කොමසාරිස් හා අලුතින් පත් කරන ලද මහ කොමසාරිස් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවිය.
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නික්ම යන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් මහතා 2026 ජූලි 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

කර්නල් මුහම්මද් ෆාරුක් මහතා සමඟ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් තලහා බදාර් මහතාද සුහද හමුවකට එක්විය.

ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සහ හමුදා-හමුදා සබඳතා ශක්තිමත් කිරීමට කර්නල් ෆාරුක් මහතා දැක්වූ වටිනා දායකත්වය වෙනුවෙන් ගුවන් හමුදාපතිවරයා ඔහුට ප්‍රශංසා කරන ලදී. කර්නල් ෆාරුක් මහතාගේ අනාගත කටයුතු සඳහා ඔහු සිය අවංක සුබ පැතුම් ද පළ කරන ලදී.

නව පත්වීම භාරගත් කර්නල් මුහම්මද් තල්හා බදාර් මහතා උණුසුම් ලෙස පිළිගත් ගුවන් හමුදාපතිතුමා ඔහුගේ ධුර කාලය තුළ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ සහ හමුදා සහයෝගීතාවයේ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි