කොළඹ මධ්‍යම බස් පර්යන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමට ගුවන් හමුදාපතිතුමා නිරීක්ෂණ සංචාරයක නිරත විය.
දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2026 ජූලි 27 වන දින පිටකොටුවේ පිහිටි කොළඹ මධ්‍යම බස් පර්යන්තය වෙත නිරීක්ෂණ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී ගුවන් හමුදාපතිතුමා විසින් සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කළ අතර, ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන ලදී.  එහිදී ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය මෙන්ම පරිශ්‍රය තුළ සැලසුම් කර ඇති වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී.

සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම් ස්ථාපනය කිරීම, කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයන්හි ප්‍රගතිය පිළිබඳව ද ගුවන් හමුදාපතිතුමා දැනුවත් කරන ලදී.

මීට අමතරව කොළඹ මධ්‍යම බස් පර්යන්තයේ පහසුකම් සහ සමස්ත පරිසරය වැඩිදියුණු කිරීමේ අරමුණින් සිදු කෙරෙන සිවිල් ඉංජිනේරු කටයුතුවල වත්මන් ප්‍රගතිය ද ගුවන් හමුදාපතිතුමා විසින් සමාලෝචනය කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි