ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව හීල්-ඔය පුරාණ විහාරයේ වෛද්‍ය සහ දන්ත සායනය පවත්වන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව හීල්-ඔය පුරාණ විහාරයේ දී 2026 අගෝස්තු 29 වන දින අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ලලිත් සුගතදාස නිලධාරිතුමාගේ මඟ පෙන්වීම යටතේ වෛද්‍ය සහ දන්ත සායනයක් පවත්වන ලදී.
ගුවන් හමුදා වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරියෙකු, සායනික මනෝ විද්‍යාඥයෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම සායනය පවත්වන ලදී. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් ඇතුළු ප්‍රතිලාභීන් 200 දෙනෙකුට මෙම වැඩසටහන අතරතුර වෛද්‍ය, දන්ත සහ මනෝවිද්‍යාත්මක සේවාවන් ලබා දෙන ලදී.
හීල්-ඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය තුළ පූජක පක්ෂයේ සහ සිවිල් ප්‍රජාවේ ශාරීරික හා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කරන අතරම අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රජා සුභසාධනය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම සහ අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයන් තවදුරටත් පිළිබිඹු විය.