ශ්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් සේවයට නවකයින් 160 දෙනෙකු එක්වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු සඳහා අලුතින් බඳවා ගත් සිවිල් සේවකයින් 160 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් 2026 සැප්තැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නවක සිවිල් සේවකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ සිදු කරන ලද මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය, විනිවිදභාවයෙන් හා සාධාරණත්වයෙන් යුත් තෝරාගැනීමේ ක්‍රමවේදයක් ඔස්සේ සිදු කර ඇති අතර, දිවයිනේ සියලුම ප්‍රදේශ සහ සියලුම ප්‍රජාවන් නියෝජනය වන පරිදි බඳවා ගැනීම් සිදු කර තිබීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවේදී රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටු කරනු ලබන පුළුල් වගකීම් සාර්ථකව ඉටු කිරීම සඳහා සිවිල් සේවකයින් ලබාදෙන වැදගත් දායකත්වය පිළිබඳව අවධාරණය කෙරිණි.
එමෙන්ම, ගුවන් හමුදාවේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සිවිල් සේවකයින් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. එම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමස්ත කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් හැකියාව ශක්තිමත් කිරීමට සෘජුවම දායක වේ.
අලුතින් පත්වීම් ලැබූ සේවකයින් දිවයින පුරා පිහිටි විවිධ ශ්‍රී ලංකා ගුවන් හමුදා ආයතන සහ කඳවුරු වෙත අනුයුක්ත කිරීමට නියමිත අතර, එහිදී ඔවුන් පරිපාලන කටයුතු මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සහායක සේවා සඳහා සිය දායකත්වය ලබාදෙනු ඇත.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ එච්. එච්. එන්. ප්‍රියංගනී හේවරත්න මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ අනෙකුත් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
සිවිල් සේවකයින් 160 දෙනෙකු මෙලෙස පත් කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් පරිපාලන ව්‍යුහය තවදුරටත් ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් වන අතර, අලුතින් පත්වීම් ලැබූ සේවකයින් සඳහා රාජ්‍ය සේවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමක් ද සනිටුහන් කරයි.