අන්තර් ඒකක ගෘහස්ථ හා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2026 සාර්ථකව අවසන්
2026 අන්තර් ඒකක ගෘහස්ථ හා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2026 අගෝස්තු මස 24 වන දින සිට සැප්තැම්බර් මස 01 වන දින දක්වා සාර්ථකව පැවැත්වූ අතර, එහි අවසන් තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය 2026 සැප්තැම්බර් මස 02 වන දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

අවසන් තරග සහ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා  සහ ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ සභාපති  සහභාගී විය.

ගෘහස්ථ සහ වෙරළ වොලිබෝල් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා අංශවල ශූරතා හා අනුශූරතා දිනාගත් කණ්ඩායම් පහත පරිදි වේ.

ගෘහස්ථ වොලිබෝල් ශූරතාව

කාන්තා - අංක 26 රෙජිමේන්තු පක්ෂය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක
පිරිමි - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය, චීන වරාය

ගෘහස්ථ වොලිබෝල් අනුශූරතාව

කාන්තා – ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර
පිරිමි – ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, කටුනායක

වෙරළ වොලිබෝල් ශූරතාව

කාන්තා – ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසල, කටුනායක
පිරිමි – ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය, චීන වරාය

වෙරළ වොලිබෝල් අනුශූරතාව

කාන්තා – ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර
පිරිමි – ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, කටුනායක

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක කඳවුරු අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසල ඒකල අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය නියෝජ්‍ය විධායක අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් සභාපති, අනෙකුත් ආරාධිත අමුත්තන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි