ශ්‍රි ලංකා ගුවන් හමුදාව, පැසිෆික් ගුවන් හමුදාව හා ඇමරිකා එක්සත් ඡනපද මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය ඒක්ව සිදුකරනු ලැබු ඇට්ලස් ඒන්ජල් - II 2026 පුහුණු අභ්‍යාසය සාර්ථකව අවසන් විය
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සමිබන්ධිකරණයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදාව, එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය හා පැසිෆික් ගුවන් හමුදාව ඒක්ව සිදුකරනු ලැබු 'ඇට්ලස් ඒන්ජල්- II 2026 ' පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවය ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේදී (2026 සැප්තැම්බර් මස 04 වන දින) පැවැත්වින.
ස්වභාවික ක්‍රියාකරකම් තුලින් මෙන්ම මිනිස් ක්‍රියාකරකම් තුලින් සිදුවිය හැකි හදිසි අපදා අවස්ථාවන් හිදි ගුවන් මෙහෙයුම් සිදුකළ යුතු ආකාරය හා හදිසි මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබදව මෙම පුහුණු අභ්‍යාසයන් මගින් සිදුකරනු ලැබු අතර ඒ මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ සූදානම වැඩිදියුණු කරගැනිම සදහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබදවද අවධානය යොමු කරන ලදි .
මෙම පුහුණු අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පැසිෆික් ගුවන් හමුදාව හා මොන්ටානා ඡාතික ආරක්ෂක බළකායේ ගුවන් නියමුවන්, ගුවන් ඉංජිනේරුවන්, වෛද්‍ය නිලධාරීන් සහ ලොඩ්මාස්ටර් (Loadmaster) සාමාජිකයින් ඇතුලු පිරිසක් සහභාගී වූ අතර, උසස් ආපදා කළමනාකරණ ශිල්පීය ක්‍රම පිළිබඳ අත්දැකීම් සහ අවබෝධයක් ලබා ගැනීම සදහා මෙම වැඩසටහන මහත් පිටුවහලක් විය.
අගෝස්තු මස 31 වන දින සිට සැප්තැම්බර් 04 වන දින දක්වා දින 05 ක් පුරාවට මහනුවර,දිගන,කොළඹ හා කටුනායක යන ප්‍රදේශ වල පවත්වනු ලැබූ මෙම 'ඇට්ලස් ඒන්ජල්-II 2026 පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවය සදහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, මාණ්ඩලික ප්‍රධානීතුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන් සහ, මොන්ටානා ඡාතික ආරක්ෂක බළකායේ සාමාඡිකයින්, ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයින් පිරිසක් සහභාගී විය