බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපති පරීක්ෂණය - 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 සැප්තැම්බර් 05 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපති පරීක්ෂණය සිදු කරන ලදී.

ගුවන් හමුදාපතිතුමා කඳවුර වෙත පැමිණි අවස්ථාවේදී, එහි අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජී.එස්.එන්. ප්‍රියදර්ශන මහතා විසින් ගුවන් හමුදාපතිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව ගුවන් හමුදාපතිතුමා වෙත චාරිත්‍රානුකූල මාර්ගපෙළ ඛන්ඩ උත්තමාචාරයක් පුද කරන ලදී.

පරීක්ෂණය අතරතුරදී, කඳවුරට මෙන්ම සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කරමින් පහත සඳහන් සේවා සාමාජිකයින් වෙත ගුවන් හමුදාපතිතුමා විසින් ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

සැරයන් වීරසිංහ ජී.ඒ.එල්. – මෝටර් ප්‍රවාහන කාර්මික III
නායක ගුවන් භට ජයවර්ධන ඩී.එම්.කේ.පී. – මෙහෙයුම් භූමිය III

තවද, ගුවන් හමුදාපතිතුමා විසින් කඳවුරේ මෙහෙයුම් හා පරිපාලන අංශ ඇතුළු විවිධ ක්ෂේත්‍ර නිරීක්ෂණය කරමින් පරීක්ෂා කළ අතර, කඳවුර තුළ පවත්වාගෙන යනු ලබන සමස්ත ප්‍රමිතීන් පිළිබඳවද සමාලෝචනය කරන ලදී.

පරීක්ෂණය අතරතුරදී නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් ගුවන් හමුදාපතිතුමා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුර විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය අවධාරණය කළේය.

එමෙන්ම, කඳවුර අපේක්ෂිත උසස් ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාම සඳහා අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජී.එස්.එන්. ප්‍රියදර්ශන නිළධාරීතුමන්  ඇතුළු සියලුම නිලයන් හා සිවිල් කාර්ය මණ්ඩලය විසින් දක්වන ලද කැපවීම, උත්සාහය සහ අඛණ්ඩ දායකත්වය ගුවන් හමුදාපතිතුමාගේ ඇගයීමට ලක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි