ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වේ
ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2026 සැප්තැම්බර් 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත නිල සංචාරයක් සඳහා පැමිණියහ. නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම නියෝජිත පිරිස, ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත කර්නල් ඇඩම් ජෙෆ්රි මැක්ගිනස් විසින් මෙහෙයවන ලදී.
නියෝජිත පිරිසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවූ අතර, එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වූ කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක නිරත වූහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිල සමරු ඵලක හුවමාරුවක් ද සිදුකෙරිණි.
අනතුරුව, ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාල නියෝජිත පිරිස, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ගුවන් හමුදාවේ විවිධ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැසියක් පැවැත්විණි. එම සැසියට සමගාමීව අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසියක් ද පැවැත්විණි.
මෙම සංචාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාලය අතර පවතින වෘත්තීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම, දෙපාර්ශ්වය අතර දැනුම, අත්දැකීම් සහ විවිධ ඉදිරිදර්ශන හුවමාරු කර ගැනීම සඳහා වටිනා අවස්ථාවක් සලසා දුන්නේය.

Call on the Commander
Knowledge sharing session