ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික උප ප්‍රධානීතුමන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමන් අතර නිල හමුවක්
ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික උප ප්‍රධානී එයාර් මාර්ෂල් අශුතෝෂ් ඩික්සිත් මහතා 2026 සැප්තැම්බර් 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් එයාර් මාර්ෂල් අශුතෝෂ් ඩික්සිත් මහතා පිළිගනු ලැබූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ අංශය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාගේ ආරාධනයෙන් සිදු කෙරෙන මෙම සංචාරයේදී, දෙරටේ ගුවන් හමුදා අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, ඒකාබද්ධ පුහුණු අවස්ථා පුළුල් කිරීම, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විණි.

සංචාරය අතරතුර එයාර් මාර්ෂල් අශුතෝෂ් ඩික්සිත් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ද හමුවිය. අනතුරුව, මෙම  ගුවන් හමුදාධිපති කාර්යාලයේදී ගුවන් හමුදා ප්‍රධානීන් දෙදෙනා අතර නිල සමරු ඵලක හුවමාරු කර ගැනීමෙන් මෙම නිල හමුව සනිටුහන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි