නැගෙනහිර කලාපයේ ගුවන් මෙහෙයුම් සඳහා සහාය වන “එලිෆන්ට් රොක්” කාර්ය මණ්ඩල විවේකාගාර විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් (DGAO) හා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් (DGCE) යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, නැගෙනහිර කලාපයේ ගුවන් මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා ස්ථාපිත කරන ලද “එලිෆන්ට් රොක්” කාර්ය මණ්ඩල විවේකාගාර, 2026 සැප්තැම්බර් 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය, අම්පාර හි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී.එස්. ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන් විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.
මෙම පහසුකම භෝජනාගාර පහසුකම් සහිත කාර්ය මණ්ඩල විවේකාගාර දෙකකින් සමන්විත වන අතර, ඓතිහාසික “එලිෆන්ට් රොක්” ප්‍රදේශයට සහ ප්‍රසිද්ධ “පීනට් ෆාම්” වෙරළ තීරයට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සලසයි. එමඟින් පැමිණෙන ගුවන් කාර්ය මණ්ඩල සඳහා විවේකී හා විනෝදාස්වාදය සඳහා සුදුසු පරිසරයක් ද සපයනු ලබයි. මීට අමතරව, ප්‍රදේශයේ ගුවන් මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා අලුතින් ඉදිකරන ලද හෙලිකොප්ටර් ගොඩබෑමේ පථයකින් ද මෙම පහසුකම සමන්විත වේ.
මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා පානම පහිනාංකයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය, අම්පාර හි නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී විය.