ඉන්ද්‍රා මාර්ක් II රේඩාර් පද්ධති සඳහා ඉන්දීය ගුවන් හමුදාවෙන් අමතර කොටස් ලැබේ
ඉන්ද්‍රා මාර්ක් II (INDRA Mk II) භූමිය මත ස්ථාපිත ගුවන් නිරීක්ෂණ රේඩාර් පද්ධති, ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ නිරීක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කරයි. මෙම පද්ධති මඟින් ගුවන් තත්ත්වය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුවත්භාවයක් ලබාදෙන අතර, ගුවන් තර්ජන කාලෝචිතව හඳුනා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට ද සහාය වේ. එබැවින් ජාතික ගුවන් නිරීක්ෂණ හැකියාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පද්ධති ඉහළ මෙහෙයුම් සූදානමකින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.
කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ අත්‍යවශ්‍ය රේඛීය ප්‍රතිස්ථාපන ඒකක (Line Replaceable Units - LRUs), මොඩියුල සහ ඊට අදාළ උපාංග හිඟවීම හේතුවෙන් ඉන්ද්‍රා මාර්ක් II රේඩාර් පද්ධති නඩත්තු කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයට ලක්ව තිබිණි. මෙම හිඟය හේතුවෙන් නියමිත සහ දෝෂ නිවැරදි කිරීමේ නඩත්තු කටයුතු සිදුකිරීමේදී සැලකිය යුතු දුෂ්කරතා මතුවූ අතර එය රේඩාර් පද්ධතිවල දිගුකාලීන සේවාදායකත්වයට සහ මෙහෙයුම් සූදානමට ද බලපා තිබිණි.
මෙම අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්ද්‍රා මාර්ක් II රේඩාර් පද්ධති අඛණ්ඩව නඩත්තු කිරීම සහ මෙහෙයුම් තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාවේ සහාය ඉල්ලා සිටින ලදී. මේ සම්බන්ධයෙන් 2025 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවලදී සාකච්ඡා කෙරුණු අතර අත්‍යවශ්‍ය අමතර කොටස් නොමිලේ (FOC) ලබාදීමට දෙපාර්ශ්වයේ සම-සභාපතිවරු එකඟ විය.
ඒ අනුව, ඉන්ද්‍රා මාර්ක් II රේඩාර් පද්ධති නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් 3,781ක් ඉන්දීය ගුවන් හමුදාව විසින් ලබාදීමට කටයුතු කරන ලදී. මෙම අමතර කොටස් තොගය 2026 සැප්තැම්බර් 08 වන දින කොළඹ වරායට නියමිත සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘උදයගිරි’ නෞකාව මඟින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.
එදිනම ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු අංශයේ අණදෙන නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ, නම් කරන ලද තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ සහායක කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් එම අමතර කොටස් තොගය කොළඹ වරායේදී නිල වශයෙන් ගොඩබා භාරගන්නා ලදී.
අනතුරුව පරිපාලන කටයුතු අවසන් කර රේඩාර් බලඝණ වෙත විධිමත් ලෙස බෙදාහැරීම සිදුකරන තෙක් එම අමතර කොටස් නිසි භාරකාරත්වය සහ ආරක්ෂිත ගබඩා කිරීම සහතික කිරීම සඳහා 2026 සැප්තැම්බර් 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ASD ගබඩාංගණයේ තැන්පත් කරන ලදී.