ශ්‍රී ලංකා ගුවන් ඒකකය MINUSCA මෙහෙයුම තුළ සිය 12 වන සංවත්සරය සමරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථාවරකරණ මෙහෙයුම (MINUSCA) යටතේ සේවයේ නිරත ශ්‍රී ලංකා ගුවන් ඒකකය සිය 12 වන සංවත්සරය 2026 සැප්තැම්බර් 09 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියාහි පිහිටි ශ්‍රී ලංකා ගුවන් ඒකක පරිශ්‍රයේදී සමරන ලදී.
පළමු ශ්‍රී ලංකා ගුවන් කණ්ඩායම 2014 සැප්තැම්බර් 09 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත යොදවා තිබුණද, ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් දායකත්වය නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් ‘සහාය ලිපිය’ (Letter of Assist - LOA) 2014 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී. එතැන් සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුප්‍රාප්තික ගුවන් කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අත්‍යවශ්‍ය ගුවන් සහාය අඛණ්ඩව ලබාදෙමින්, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කැපවූ සේවය පිළිබඳ අභිමානවත් වාර්තාවක් පවත්වාගෙන යමින් සිටී.
සංවත්සර සැමරුම් වැඩසටහන වැඩ පෙළපාලියකින් ආරම්භ විය. එය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ විනය, වෘත්තීයභාවය සහ මෙහෙයුම් සූදානම සංකේතවත් කරන ලදී. මෙම පෙළපාලිය ගෲප් කැප්ටන් කසුන් සෙනෙවිරත්න නිලධාරිතුමන් විසින් අණදෙන ලදී. ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ නිලධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
සංවත්සර සැමරුමට සමගාමීව පැළ රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී. අනතුරුව සියලු නිලයන්ගේ උදෑසන ආහාර වේලක් සංවිධානය කරමින් කණ්ඩායම් සාමාජිකයන් අතර සුහදත්වය සහ සහෝදරත්වය වර්ධනය කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.
පසුගිය වසර 12ක කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් ඒකකය MINUSCA මෙහෙයුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත. මෙහෙයුම් ගුවන් ගමන්, භට පිරිස් ප්‍රවාහනය, ඔත්තු බැලීම්, සෙවීම් හා මුදාගැනීම්, හදිසි වෛද්‍ය ඉවත් කිරීම් (CASEVAC සහ MEDEVAC) මෙන්ම අනතුරුදායක භාණ්ඩ ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය ආදී මෙහෙයුම් තුළින් ගුවන් ගමන් පැය 15,700කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇත.
යුද ගැටුම්වලින් පීඩාවට පත් සහ අස්ථාවර ප්‍රදේශවලදී එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් සහ සිවිල් වැසියන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඉහළ අවදානමක් සහිත හදිසි වෛද්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් රැසක් ද ශ්‍රී ලංකා ගුවන් ඒකකය විසින් සාර්ථකව සිදුකර ඇත. 2025 වසරේදී සෙමියෝ ප්‍රදේශයෙන් තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් ඉවත් කිරීම සහ 2026 ජුනි මාසයේදී අම් ඩැෆොක් ප්‍රදේශයෙන් තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් සහ සිවිල් වැසියන් 14 දෙනෙකු අභියෝගාත්මක මෙහෙයුම් තත්ත්වයන් යටතේ සාර්ථකව ඉවත් කිරීම එහි කැපී පෙනෙන මෑතකාලීන මෙහෙයුම් අතර වේ.
2017 සහ 2018 වසරවලදී මිනිසුන් රහිත ගුවන් යානා (UAV) යළි ලබාගැනීම සඳහා සිදුකළ අභියෝගාත්මක බාහිර බර ප්‍රවාහන මෙහෙයුම් (Underslung Operations) මෙන්ම, 2017 වසරේදී නාඳුනන සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලදී එක්සත් ජාතීන්ගේ භට පිරිස් වෙත සහාය වීම සඳහා දෙවරක් සිදුකළ ගුවනේ සිට භූමි මෙහෙයුම් ද ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් කණ්ඩායමේ විවිධාකාර මෙහෙයුම් හැකියාවන්, මෙහෙයුම් සූදානම සහ වෘත්තීයභාවය තවදුරටත් සනාථ කරන ලදී. අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයන් තුළ ඒකකය විසින් සිදුකරන ලද කැපවූ සේවය සහ විශිෂ්ට කාර්යසාධනය එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නායකත්වය විසින් අවස්ථා ගණනාවකදී ඇගයීමට හා ප්‍රශංසාවට ලක් කර ඇත.
මෙම ඒකකයේ දායකත්වය මෙහෙයුම් ක්ෂේත්‍රයට පමණක් සීමා නොවන අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 140කට අධික විදේශ විනිමය ආදායමක් රටට උපයා දී ඇත. එමඟින් ජාතික ආර්ථිකයට වටිනා දායකත්වයක් ලබාදෙන අතරම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ වෘත්තීය හැකියාවන් ද තවදුරටත් වර්ධනය වී ඇත.
සංවත්සර සැමරුමට සමගාමීව ප්‍රජා-මිලිටරි සහයෝගීතා (CIMIC) වැඩසටහනක් ද ක්‍රියාත්මක කරමින් බ්‍රියා ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී. එමඟින් ප්‍රාදේශීය ජනතාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය.
කණ්ඩායම් සාමාජිකයන් අතර කණ්ඩායම් හැඟීම සහ සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් සුහද ක්‍රිකට් තරගයක් ද පවත්වන ලදී. අනතුරුව සියලු නිලයන්ගේ දිවා ආහාර වේලක් සංවිධානය කරමින් සමස්ත කණ්ඩායමම මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සඳහා එක්විය.
ශ්‍රී ලංකා ගුවන් ඒකකයේ 12 වන සංවත්සරය, එක්සත් ජාතීන්ගේ මෙහෙයුමට සහාය වෙමින් ශ්‍රී ලාංකීය ගුවන් හමුදා සාමාජිකයන් විසින් පෙන්නුම් කර ඇති වෘත්තීයභාවය, ධෛර්යය, මානුෂීය කැපවීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබිඹු කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමය, ආරක්ෂාව සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය ද මෙයින් සංකේතවත් කරයි.