දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 සැප්තැම්බර් 18 වන දින දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ (SLAF CTS) හමුදාපතිතුමන්ගේ වාර්ෂික  පරීක්ෂණය සිදු කරන ලදී.

ගුවන් හමුදාපති නිරීක්ෂණ පෙළපාලිය දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ලලිත් සුගතදාස නිලධාරිතුමන්ගේ අණ යටතේ පැවැත්වුණු අතර ගුවන් හමුදාපතිතුමා විසින් එම පෙළපාලිය නිරීක්ෂණය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදීම අගයමින් පහත සඳහන් සේවා හා සිවිල් සේවකයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බලපංති සැරයන් ආර්.ඒම්  සමරනන්ද – ආහාර සැපයුම් විශේෂඥ (I)
බලපංති සැරයන් ඩී.ඒම්.ඩී.සී දිසානායක – මෙහෙයුම් භූමි (විශේෂ)
බලපංති සැරයන් ඒස්.ඒම්.ඒම්.පී දිසානායක – ශාරීරික පුහුණුකරු (I)
කෝප්‍රල් ඒච්.ඒම්.ඒස්.ආර් හේනයක – ගුවන් හමුදා සෞඛ්‍ය පරීක්ෂක (I)
කෝප්‍රල් ඒච්.ආර්.ඒන් මධුමාල්ක – හෙද නිලධාරි (I)
කෝප්‍රල් ආර්.ඒම්.යූ.ඒස් රත්නායක – මෙහෙයුම් භූමි (III)
කෝප්‍රල් ඩී.ඒම්.කේ දිසානායක – මෙහෙයුම් භූමි (III)
සිවිල් සේවක ඒම්.කේ.ආර් වීරරත්න මහතා – සහායක (II)

නිරීක්ෂණ චාරිකාව අතරතුරදී ගුවන් හමුදාපතිතුමා විසින් පාසල් මූලස්ථානය, අංක 30 රෙජිමේන්තු පක්ශාංගය, පුහුණු අංශ මූලස්ථානය, ක්‍රීඩා අංශය, ප්‍රධාන ආරක්ෂක මැදිරිය, රෝහල, පුහුණුවන්නන්ගේ නේවාසිකාගාරය, සුබසාධන වෙළෙඳ සංකීර්ණය, ඉලෙක්ට්‍රොනික අංශය, පිහිනුම් තටාකය, පෙර පාසල, අශ්ව ගාල, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු නිවාස සහ හිටපු සේවා සාමාජිකයින්ගේ නිවාඩු නිවාසය ඉදිකිරීමට යෝජිත භූමිය ඇතුළු පාසලේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කරන ලදී.

අවසන් දේශනයේදී ගුවන් හමුදාපතිතුමා විසින් සිවිල් පුද්ගලයින් දක්ෂ හා කාර්යක්ෂම සේවා සාමාජිකයින් බවට පත් කිරීම සඳහා කැපවීමෙන් හා නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කරන අණදෙන නිලධාරීතුමා සහ එතුමාගේ අණ යටතේ සේවයේ නිරත සියලුම සාමාජිකයින් වෙත සිය හෘදයාංගම ස්තූතිය පළ කරන ලදී.

පාසල තුළ විනය, වෘත්තීයභාවය සහ ඉහළම ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔවුන් දක්වන කැපවීම ගුවන් හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. එවැනි කැපවීම සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා මෙන්ම ජාතික සංවර්ධනයේ පුළුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ද වැදගත් දායකත්වයක් සපයන බව ගුවන් හමුදාධිපතිතුමා අවධාරණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි