2026 ලෝක ශක්ති එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් දසනායකගෙන් නව ලෝක වාර්තාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් 2026 සැප්තැම්බර් මස 07 සිට 11 දක්වා කිර්ගිස්තානයේදී පැවති 13 වන ලෝක ශක්ති එසවීමේ ශූරතාවලියට සහභාගි වූ කෝප්‍රල් ඩී.ඒම්.ඩී.ඒම් දසනායක, සැප්තැම්බර් මස 15 වන දින දිවයිනට පැමිණි අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහු වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දෙන ලදී.
කිලෝග්‍රෑම් 95ට අඩු බර පන්තිය යටතේ පැවති Hack Lift ඉසව්වට සහභාගි වූ කෝප්‍රල් දසනායක කිලෝග්‍රෑම් 260ක බරක් එසවීමට සමත් වෙමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඔහු විසින් අත්කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය ඇගයීමක් ලෙස 2026 සැප්තැම්බර් මස 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර වෙත පැමිණි කෝප්‍රල් දසනායක වෙත තවත් උණුසුම් හා අභිමානවත් පිළිගැනීමක් පිරිනමන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් සනෝජ් ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිළිගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාමාජිකයින්ද එක්විය.
කෝප්‍රල් දසනායකගේ මෙම විශිෂ්ට දස්කම සහ ලෝක වාර්තාවක් පිහිටුවමින් අත්කරගත් ජයග්‍රහණය, ඔහුගේ කැපවීම, විනය, නොපසුබස්නා උත්සාහය සහ විශිෂ්ටත්වය කරා යාමේ නොසැලෙන අධිෂ්ඨානය මනාව පිළිබිඹු කරයි. එමෙන්ම, මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවටද මහත් අභිමානයක් හා ගෞරවයක් එක් කරන ලදී.