මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ දූත පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ ඇඩ්ජුටන්ට් ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ජේ. ගිබ්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් 2026 ඔක්තෝබර් මස 08 වන දින ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
මෙම දූත පිරිසට ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් ඒ. හවුස් මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ද්විපාර්ශ්වික කටයුතු නිලධාරී මේජර් ජෝෂුවා ඩැනියෙල් මැක්ඇනලි මහතා, ජෙනරාල්වරයාගේ සහායක කැප්ටන් සෝයර් ලින්කේ මහතා සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ බඳවාගත් නායක කමාන්ඩ් සර්ජන්ට් මේජර් ලෝරන්ස් කේ. ඩිබූ මහතා ඇතුළත් විය.
මෙම සුහද හමුවේදී දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය අතර ආරක්ෂක සහයෝගීතාව සහ වෘත්තීයමය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපතිතුමන් සහ බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ජේ. ගිබ්සන් මහතා අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කර ගන්නා ලදී.
මෙම සංචාරය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය අතර දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් වූ අතර විශේෂයෙන් වෘත්තීය හුවමාරු වැඩසටහන්, පුහුණු කටයුතු සහ දැනුම හුවමාරු කිරීමේ වැඩසටහන් හරහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය විය.
මෑතකදී පැවති Atlas Angel-II 2026 අභ්‍යාසය සඳහාද ආයතන දෙක සහයෝගයෙන් කටයුතු කළ අතර එමගින් දෙරට අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව තවදුරටත් පැහැදිලි විය.