18 වන ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවලිය – 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද 18 වන ගුවන් හමුදා විවෘත PSA (Professional Squash Association) ස්කොෂ් ශූරතාවලිය 2026 ඔක්තෝබර් මස 10 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්කොෂ් ක්රීඩා සංකීර්ණයේදී සාර්ථකව නිමාවට පත්විය.
මෙම තරගාවලියේ අවසන් මහා තරග පිරිමි විවෘත සහ කාන්තා විවෘත යන අංශ දෙක යටතේ පැවැත්විය. තරගාවලියේ සමාප්ති උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා ගුවන් හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, එම සම්මේලනයේ ලේකම් සහ උප සභාපති, ගුවන් හමුදා ස්කොෂ් ක්රීඩා සභාපති එයාර් කොමඩෝර් උදිත විජේරත්න, ගුවන් හමුදා ස්කොෂ් ක්රීඩා අංශයේ හිටපු සභාපතිවරුන් සහ ලේකම්වරුන් ඇතුළු ශ්රී ලංකා ගුවන් හමුදාව සහ ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනය නියෝජනය කරන සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද සහභාගි විය.
ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ජාත්යන්තර නීතිරීතිවලට අනුකූලව පවත්වන ලද මෙම තරගාවලිය සඳහා දේශීය හා විදේශීය ස්කොෂ් ක්රීඩක ක්රීඩිකාවන් 200කට අධික පිරිසක් සහභාගි විය.
මෙහි පිරිමි විවෘත අංශයේ ජයග්රාහකයා වෙනුවෙන් එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් අනුස්මරණ කුසලානය ද, කාන්තා විවෘත අංශයේ ජයග්රාහිකාව වෙනුවෙන් එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක අනුස්මරණ කුසලානය ද පිරිනැමීමට කටයුතු සංවිධානය කරන ලදී.
මෙවර තරගාවලියේ පිරිමි විවෘත අංශයේ අවසන් මහා තරගයේදී විශිෂ්ට දක්ෂතා ප්රදර්ශනය කළ රවිඳු ලක්සිරි, ෂමිල් වකීල් තරග වට 3–0ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය. තියුණු තරගකාරීත්වයක් පැවති මෙම තරගයේදී රවිඳු ලක්සිරි සිය ක්රීඩා කුසලතාව සහ මනා සංයමය ප්රදර්ශනය කරමින් ජයග්රහණය තහවුරු කර ගන්නා ලදී.
කාන්තා විවෘත අංශයේ අවසන් මහා තරගයේදී ද විශිෂ්ට ක්රීඩා විලාසයක්, දක්ෂතාවක් සහ දැඩි අධිෂ්ඨානයක් ප්රදර්ශනය කළ චනිත්මා සිනාලි, රන්ලියා වුඩ් තරග වට 3–0ක් ලෙස පරාජය කරමින් එම අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ ප්රතිඵල
ආධුනික බාලිකා වයස අවුරුදු 11න් පහළ
ශූරතාව: ලිතුනි පෙරේරා
අනුශූරතාව: දිනාරා බිනෝලි ගීතල් සමදාස
තෙවන ස්ථානය: පසන්ජා ගුණසිංහ
ආධුනික බාලක වයස අවුරුදු 11න් පහළ
ශූරතාව: චනිරු ද මෙල්
අනුශූරතාව: තනුෂ් රත්නතුංග
තෙවන ස්ථානය: ඩාවුඩ් ජාවිඩ්
ආධුනික බාලිකා වයස අවුරුදු 15න් පහළ
ශූරතාව: ක්රිෂා රිෂාන්තනා
අනුශූරතාව: හයිමි ඩී.ඒ. ගුණසේකර
තෙවන ස්ථානය: ආර්.එම්.වී.කේ. රත්නායක
ආධුනික බාලක වයස අවුරුදු 15න් පහළ
ශූරතාව: ඔවින් ඒකනායක
අනුශූරතාව: සෙනුක් ජයසූරිය
තෙවන ස්ථානය: ඔසුර වත්සර
ආධුනික පිරිමි අංශය
ශූරතාව: ආකාෂ් අශෝක් කුමාර්
අනුශූරතාව: ළහිරු රාජපක්ෂ
තෙවන ස්ථානය: එච්.කේ.එන්. බණ්ඩාර
බාලිකා වයස අවුරුදු 9න් පහළ
ශූරතාව: ආරියා සුවාරිස්
අනුශූරතාව: ඔනායා නෙයිලි ගොඩගම්පල
තෙවන ස්ථානය: නතාරා ලෙවන්ගම
බාලක වයස අවුරුදු 9න් පහළ
ශූරතාව: සනුෂ් අබේසේකර
අනුශූරතාව: අබිනු ආකෙන් ලෙවන්ගම
තෙවන ස්ථානය: ආරොන් ජැමියන්
බාලිකා වයස අවුරුදු 11න් පහළ
ශූරතාව: සයුරි ද සිල්වා
අනුශූරතාව: ජී.ඩබ්ලිව්.පී. සියති සවෙත්නා ගුණතිලක
තෙවන ස්ථානය: ජී. සනුලි යහස්නා ගොඩගම්පල
බාලක වයස අවුරුදු 11න් පහළ
ශූරතාව: සයුල් වික්රම
අනුශූරතාව: එම්.ජී.සී. ෂනුත් සස්රුක ගමගේ
තෙවන ස්ථානය: යුමෙත් අත්තනායක
බාලිකා වයස අවුරුදු 13න් පහළ
ශූරතාව: යූ.කේ. ධීර්යා මිතාලි සිල්වා
අනුශූරතාව: ලිවිනි එනාරා ජයවර්ධන
තෙවන ස්ථානය: සයුරි ද සිල්වා
බාලක වයස අවුරුදු 13න් පහළ
ශූරතාව: කෙනෝල් මයෝන් වික්රම
අනුශූරතාව: හිරුන් සමරතුංග
තෙවන ස්ථානය: ඩබ්ලිව්.පී. කෙනුල හිරුසර
බාලිකා වයස අවුරුදු 15න් පහළ
ශූරතාව: චනුමි නිම්තරා තෙබුවන
අනුශූරතාව: තවීෂා ගුණසේකර
තෙවන ස්ථානය: නෙතන්යා චැත්ලයින් වික්රමසිංහ
බාලක වයස අවුරුදු 15න් පහළ
ශූරතාව: දනුජ සෙත්සර ජයසිංහ
අනුශූරතාව: ලිතුල ආදිත්ය
තෙවන ස්ථානය: කෙනෝල් මයෝන් වික්රම
බාලිකා වයස අවුරුදු 17න් පහළ
ශූරතාව: සිතුම්ලි රුහන්සා මෙන්ඩිස්
අනුශූරතාව: තෙදරා ලියනගේ
තෙවන ස්ථානය: මෙතුකි බිමන්සා සමරනායක
බාලක වයස අවුරුදු 17න් පහළ
ශූරතාව: මනුත් සඳිර දසනායක
අනුශූරතාව: නෙවන් රූබසිංහ
තෙවන ස්ථානය: කේ. ලිනුක නිම්නත් සිල්වා
බාලිකා වයස අවුරුදු 19න් පහළ
ශූරතාව: චනුමි නිම්තරා තෙබුවන
අනුශූරතාව: සිතුම්ලි රුහන්සා මෙන්ඩිස්
තෙවන ස්ථානය: නෙත්මි වික්රමසිංහ
බාලක වයස අවුරුදු 19න් පහළ
ශූරතාව: මනුත් සඳිර දසනායක
අනුශූරතාව: මතීෂ විජේසේකර
තෙවන ස්ථානය: ඩී.ටී. කෙමිත හපුආරච්චි
පිරිමි වයස අවුරුදු 35ට වැඩි
ශූරතාව: නායක ගුවන් භට එම්.ඒ.එම්. උෂාමා
අනුශූරතාව: කෝප්රල් ද සිල්වා එච්.ඒ.එස්.
තෙවන ස්ථානය: එම්.එච්.අයි. බුද්ධික
පිරිමි වයස අවුරුදු 40ට වැඩි
ශූරතාව: කෝප්රල් ජයලාල් එස්.ඩී.එස්.කේ.
අනුශූරතාව: මධුරංග රාජපක්ෂ
තෙවන ස්ථානය: ප්රියංග ඉෂාර
පිරිමි වයස අවුරුදු 50ට වැඩි
ශූරතාව: නිශාන්ත චන්ද්රකුමාර
අනුශූරතාව: සිරාන් ප්රනාන්දු
තෙවන ස්ථානය: එස්.එම්. අබ්දුල් කාදර්
පිරිමි වයස අවුරුදු 55ට වැඩි
ශූරතාව: එස්.එම්. අබ්දුල් කාදර්
අනුශූරතාව: මෙවන් රජීව
තෙවන ස්ථානය: විශ්රාමික එයාර් කොමඩෝර් යූ. විජේවීර
පිරිමි වයස අවුරුදු 60ට වැඩි
ශූරතාව: එම්.යූ.එම්. අස්මි
අනුශූරතාව: විශ්රාමික එයාර් කොමඩෝර් යූ. විජේවීර
තෙවන ස්ථානය: එස්.සී. පද්මකුමාර
පිරිමි පළඟ ශූරතාව
ශූරතාව: නායක ගුවන් භට එම්.ඒ.එම්. උෂාමා
අනුශූරතාව: එස්.එන්. ඩැනියෙල්ස්
කාන්තා විවෘත අංශය
ශූරතාව: වී.එස්. චනිත්මා සිනාලි
අනුශූරතාව: රන්ලියා වුඩ්
තෙවන ස්ථානය: ඉෆ්රා ෂස්මින් බූසෝ
පිරිමි විවෘත අංශය
ශූරතාව: එච්.ආර්.එච්. ලක්සිරි
අනුශූරතාව: ෂමිල් වකීල්
තෙවන ස්ථානය: ඊ.ඒ. නෙවින්දු ලක්මන්


































































