ජපාන ලංකා මිත්රත්ව සංගමයෙන් ශ්රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ උපකරණ, ශිෂ්යත්ව සහ ඇස් කණ්ණාඩි පරිත්යාගයක්
ජපාන ලංකා මිත්රත්ව සංගමය විසින් චිමෝරි මොටෝකෝ මහත්මියගේ සහ මෙරටට පැමිණි ජපාන නියෝජිත පිරිසේ නොමසුරු දායකත්වය ඇතිව ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත ගිනි නිවීමේ රථයකට අදාළ ලියකියවිලි, ගිනි නිවීමේ උපකරණ කට්ටලයක්, සුදුසුකම් ලත් පාසල් දරු දැරියන් හයදෙනෙකු සඳහා ශිෂ්යත්ව සහ ඇස් කණ්ණාඩි යුගල 200ක් පරිත්යාග කිරීමේ උත්සවයක් 2026 ඔක්තෝබර් මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
මෙම උත්සවයේදී නුදුරු අනාගතයේදී ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්යාග කිරීමට නියමිත ගිනි නිවීමේ රථයකට අදාළ ලියකියවිලි සහ ගිනි නිවීමේ උපකරණ කට්ටලයක් ජපාන නියෝජිත පිරිස විසින් ගුවන් හමුදා සාමාන්ය ඉංජිනේරු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දිමාල් හෙට්ටිආරච්චි මහතා වෙත සංකේතාත්මකව භාරදෙන ලදී. මෙම අවස්ථාව ගුවන් හමුදා ප්රධාන ගිනි නිවීමේ නිලධාරී එයාර් කොමඩෝර් ප්රසන්න ජයවික්රම මහතාගේ නිරීක්ෂණය යටතේ සිදු විය.
ජපාන නියෝජිත පිරිස පිළිගැනීම සහ ශ්රී ලංකාව හා ජපානය අතර පවතින දිගුකාලීන මිත්රත්වය සැමරීමේ අරමුණින් ශ්රී ලාංකේය සාම්ප්රදායික නර්තන අංගයන්ගෙන් සමන්විත විචිත්රවත් සංස්කෘතික වැඩසටහනක් ද ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
සංස්කෘතික අංගයන්ගෙන් අනතුරුව ජපාන නියෝජිත පිරිස විසින් සුදුසුකම් ලත් පාසල් දරු දැරියන් හයදෙනෙකු සඳහා ශිෂ්යත්ව ප්රදානය කරන ලදී. ඇස් කණ්ණාඩි යුගල 200ක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්රිෂාන්ති එදිරිසිංහ මහත්මිය වෙත භාරදෙන ලදී.
ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්රත්වය, අන්යෝන්ය සුහදතාව, සහයෝගීතාව සහ දෙරටේ ජනතාව අතර පවතින සමීප සබඳතා තුළින් තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. ජපාන ලංකා මිත්රත්ව සංගමය සහ ශ්රී ලංකා ගුවන් හමුදාව අතර පවතින මිත්රත්වය 2015 වසර දක්වා දිවෙන අතර එතැන් සිට ගිනි නිවීමේ රථ, ගිලන් රථ, ගුවන් හමුදා සාමාජිකයින්ගේ සුදුසුකම් ලත් දරුවන් සඳහා ශිෂ්යත්ව සහ ඇස් කණ්ණාඩි ඇතුළු විවිධ පරිත්යාගයන් ඔස්සේ එම සබඳතාව තවදුරටත් ශක්තිමත් වී ඇත.
මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් මඟින් ශ්රී ලංකා ගුවන් හමුදා ප්රජාවගේ සුබසාධනය වෙනුවෙන් ජපාන ලංකා මිත්රත්ව සංගමය දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින මිත්රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය මනාව පිළිබිඹු වේ.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් ලිලංගි රන්දෙණිය, වකෝකායි සමූහයේ උප සභාපතිවරුන්, සන් ටෙක් බයෝස් කෝපරේෂන් සමාගමේ සභාපතිනි චිමෝරි මොටෝකෝ මහත්මිය, ඒ ග්ලෝබල් සමාගමේ සභාපති ගොටෝ හිදෙඅකි මහතා, ජපාන ලංකා මිත්රත්ව සංගමයේ උප සභාපති ජින් සොන්ග්යු මහතා සහ වෛද්ය එරංගා හසන්ති මහත්මිය ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් පිරිසක් සහභාගි විය.