ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් අභ්‍යවකාශ බලකායේ ආරක්ෂක සහයෝගිතා අංශ ප්‍රධානී ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් අභ්‍යවකාශ බලකා විධානයේ ආරක්ෂක සහයෝගිතා අංශ ප්‍රධානී ලුතිනන් කර්නල් ෂුම්පෙයි ෆුජිමුරාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් 2026 ඔක්තෝබර් මස 19 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

මෙම නියෝජිත පිරිස සඳහා ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් ඒ. හවුස්, මේජර් ජොෂ් මැක්ඇනලි, ජේසන් හෝල් මහතා සහ චැඩ් බොලන් මහතා ඇතුළත් විය.

මෙම සුහද හමුවේදී දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් අභ්‍යවකාශ බලකා විධානය අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෘත්තීය මට්ටමේ සබඳතා වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ලුතිනන් කර්නල් ෂුම්පෙයි ෆුජිමුරා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් අභ්‍යවකාශ බලකා විධානය අතර පවතින දිගුකාලීන සහයෝගිතාව තවදුරටත් තහවුරු වූ අතර දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ වෘත්තීය අත්දැකීම් හුවමාරුව, පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන්වල වැදගත්කම ද මෙහිදී අවධාරණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි