ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයට අනුයුක්ත අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයට අනුයුක්ත අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය 2026 ඔක්තෝබර් මස 15 වන දින සමරන ලදී.
ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ස්ථාපිත කරන ලද අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2009 ඔක්තෝබර් මස 15 වන දින වීරවිල ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පූර්ණ මෙහෙයුම් බලඝණයක් ලෙස ස්ථාපිත කරන ලදී. අනතුරුව, ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2012 මැයි මස 05 වන දින එම බලඝණය චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය වෙත ස්ථානගත කරන ලදී.
සංවත්සරයට සමගාමීව බලඝණ පරිශ්‍රයේදී සාම්ප්‍රදායික රාජකාරි පෙළපාලිය පවත්වන ලදී. එය බලඝණයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ජී.ඒ.කේ.එම්.පී. චන්ද්‍රලාල් නිලධාරිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.
සංවත්සර සැමරුමට සමගාමීව ත්‍රිකුණාමලය මහජන වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාව වඩාත් අර්ථවත් කරමින් අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් චීන වරාය ප්‍රදේශයේ පිහිටි 'රේවත' ළමා නිවාසයේ දරුවන් වෙත රාත්‍රී ආහාරය පිරිනැමීම ද සිදු කරන ලදී.