ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි පහිනාංකය ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි පහිනාංකය පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා 2026 ඔක්තෝබර් මස 19 වන දින ශ්‍රී ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් වෙනුවෙන් වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් නිපුණ තනිප්පුලිආරච්චි මහතා විසින් මෙම භාරදීම සිදු කරන ලදී. පොලිස්පතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී ඒ.ඩී. සෙනෙවිරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී විය. අදාළ ලේඛන නිල වශයෙන් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව භාරදීමේ කටයුතු සම්පූර්ණ කරන ලදී.

මෙම භාරදීමට වන්නි ගුවන් හමුදා පහිනාංකය අයත් ඉඩම්, ගොඩනැගිලි, උපකරණ සහ යටිතල පහසුකම් ඇතුළත් විය. මීට අමතරව ගොඩනැගිලි සැලසුම්, ගොඩනැගිලි සහ තාක්ෂණික පහසුකම් පිළිබඳ ඉන්වෙන්ටරි ලේඛන, විදුලි හා ජල බෙදාහැරීමේ පද්ධති පිළිබඳ විස්තර, මාර්ග පද්ධති, විදුලි සංදේශ හා ෆයිබර් ඔප්ටික් ජාල පිළිබඳ තොරතුරු සහ ඒවායේ තත්ත්වය පිළිබඳ වාර්තා ද භාරදීමට ඇතුළත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි