2026 අන්තර් ඒකක කරාතේ ශූරතාවලිය
2026 අන්තර් ඒකක කරාතේ ශූරතාවලිය ඔක්තෝබර් මස 20 සහ 21 යන දෙදින පැවැත්වුණු අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවය තුම්මුල්ලේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එස්.පී.වී.කේ. සේනාධීර මහතා සහභාගී විය.

පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සමත් වූ අතර කාන්තා අංශයේ ශූරතාව චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය විසින් දිනා ගන්නා ලදී. පිරිමි අංශයේ අනුශූරතාව චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට හිමි වූ අතර කාන්තා අංශයේ අනුශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් පී.සී. දිසානායක මහතා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ආරාධිත අමුත්තන් මෙන්ම ගුවන් හමුදා නිලධාරීන් සහ අනෙකුත් නිලයන් නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි