ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර උසස් රෙජිමේන්තු පුහුණු පාසලේදී අංක 18 කනිෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයට අයත් අම්පාර උසස් රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත්වූ අංක 18 කනිෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව 2026 ඔක්තෝබර් මස 21 වන දින සාර්ථකව අවසන් විය. මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු අංශයට අයත් නිලධාරීන් හත් දෙනෙකු සමත් විය.

පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පලාලි ගුවන් හමුදා කඳවුරේ  අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආනන්ද කුමාරසිරි නිලධාරිතුමන් සහභාගී විය.

මෙම පාඨමාලාව මඟින් නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, මෙහෙයුම් හැකියාවන් සහ නායකත්ව කුසලතා තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන ලදී. එමඟින් ඉදිරියේදී අණදීමේ සහ මෙහෙයුම් සම්බන්ධ වගකීම් භාර ගැනීමට නියමිත නිලධාරීන් ඒ සඳහා වඩාත් හොඳින් සූදානම් කිරීම අරමුණු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි