මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ශ්‍රී ගුවන් සේවා ඒකකය ‘ටස්කර්ස් ටැලන්ට් ෂෝ’ වැඩසටහනෙන් සහජ දක්ෂතා ඇගයීමට ලක් කරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම (MINUSCA) යටතේ රාජකාරියේ නිරත ශ්‍රී ගුවන් සේවා ඒකකය විසින් 2026 ඔක්තෝබර් මස 16 වන දින ‘ටස්කර්ස් ටැලන්ට් ෂෝ’ (Tuskers Talent Show) නමින් විශේෂ දක්ෂතා ප්‍රදර්ශන වැඩසටහනක් සාර්ථකව සංවිධානය කරන ලදී. මෙහෙයුම යටතේ සේවයේ නිරත සාමාජිකයින්ට තමන් සතු සහජ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් සලසා දීම ඔවුන් අතර සුහදත්වය වර්ධනය කිරීම සහ මෙහෙයුම් රාජකාරිවල ඒකාකාරී ස්වභාවයෙන් මිදී විනෝදාස්වාදය ලබා ගැනීමට අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ අරමුණ විය.
මෙම වැඩසටහනේ සංකල්පය ශ්‍රී ගුවන් සේවා ඒකකයේ භාර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසිරි පතිරාජ මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් තරංග මල්ලවාරච්චි මහතාගේ කැපවීමෙන් එය සාර්ථක වැඩසටහනක් බවට පත් කරන ලදී.
සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ කැපවීම තුළින් මෙම සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට ගෲප් කැප්ටන් තරංග මල්ලවාරච්චි මහතා කටයුතු කරන ලදී. එමඟින් සාමාජිකයින්ට සිය දෛනික වෘත්තීය රාජකාරිවලින් ඔබ්බට ගොස් තමන් සතු විවිධ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට වටිනා අවස්ථාවක් උදා විය.
මෙම වැඩසටහනේ මූලික වටයේ තරග මාස එකහමාරකට ආසන්න කාලයක් පුරා පැවැත්විය. එහි අවසන් මහා තරගය උතුරු-නැගෙනහිර අංශ මූලස්ථානයේ ආරාධිත අමුත්තන් සහ අසල්වැසි කණ්ඩායම්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.
අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු-නැගෙනහිර අංශ මූලස්ථානයේ අංශ භාර අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් ජෝසප් ඩග්ලස් මොක්වේනා මහතා සහභාගී විය. වැඩසටහනේ මනා සැලසුම්ගත ස්වභාවය සහ වෘත්තීය මට්ටමේ සංවිධාන කටයුතු අගය කළ අංශ භාර අණදෙන නිලධාරීවරයා මෙම සාර්ථක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ගුවන් සේවා ඒකකය දැක්වූ කැපවීම, නිර්මාණශීලීත්වය සහ සාමූහික ප්රයත්නයන් ද ඇගයීමට ලක් කරන ලදී.
මෙම දක්ෂතා ප්‍රදර්ශන වැඩසටහන සඳහා මෙහෙයුම යටතේ සේවයේ නිරත විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂතා සහිත සාමාජිකයින් එක්ව සිටි අතර, නැටුම්, ගායනය, සංගීත භාණ්ඩ වාදනය සහ ආහාර පිසීම යන ප්‍රධාන අංශ හතරක් යටතේ තරග පැවැත්විය. තරගකරුවන් 40 දෙනෙකු ඊට සහභාගී වෙමින් සිය විවිධ හැකියාවන් සහ උද්යෝගය ප්‍රදර්ශනය කරන ලදී.
තරගයේ සාධාරණත්වය, විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සඳහා අවසන් තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සම්බන්ධ සියලු තීරණ උතුරු-නැගෙනහිර අංශ මූලස්ථානයේ නියෝජිතයින්ගෙන් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ගනු ලැබීය.
සම්මානලාභීන්
• දක්ෂතම ආහාර පිසීමේ ශිල්පියා: 44172 සැරයන් රාජපක්ෂ එච්.එම්.එස්.
• දක්ෂතම නර්තන ශිල්පියා: 49569 කෝප්රල් එක්සිත් ආර්.ඒ.ආර්.
• දක්ෂතම සංගීත භාණ්ඩ වාදකයා: වින්ග් කමාන්ඩර් රුවන් ගුණවර්ධන
• ගායන අංශයේ ප්‍රථම ස්ථානය: ෆ්ලයිට් ලුතිනන් නිපුන් පෙරේරා සහ 44684 සැරයන් දනානන්දන එච්.ඒ.ටී.ජේ.
• ජනප්‍රියතම කණ්ඩායම් සාමාජිකයාට හිමි කුසලානය: 44871 කෝප්රල් මධුශංක එම්.ඒ.එස්.
මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම තුළින් ශ්‍රී ගුවන් සේවා ඒකකය සිය සාමාජිකයින්ගේ සුබසාධනය සහ සමස්ත පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් දක්වන කැපවීම මැනවින් පිළිබිඹු විය. වෘත්තීය විශිෂ්ටත්වයට අමතරව නිර්මාණශීලීත්වය, පෞද්ගලික වර්ධනය සහ සංස්කෘතික ප්රකාශනය ද පුද්ගල සංවර්ධනය සඳහා වැදගත් වන බව මෙම වැඩසටහන මඟින් අවධාරණය කරන ලදී.
ඵලදායී නායකත්වය, කැපවූ සංවිධාන කටයුතු සහ කණ්ඩායම් හැඟීම තුළින් සංකල්පයක් අමතක නොවන අත්දැකීමක් බවට පත් කළ හැකි ආකාරය ද මෙම වැඩසටහන මඟින් පෙන්වා දෙන ලදී. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ සේවයේ නිරත ශ්‍රී ලාංකික සාම සාධක සාමාජිකයින්ගේ විවිධ දක්ෂතා, නිර්මාණශීලී හැකියාවන් සහ සාමූහිකත්වය අගය කරමින් ‘ටස්කර්ස් ටැලන්ට් ෂෝ’ වැඩසටහන සාර්ථකව අවසන් විය.