ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දෙවන අභිප්‍රේරණ වැඩසටහන පැවැත්විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පාපැදි ධාවන, ජූඩෝ, කබඩි සහ මේස පන්දු යන ක්‍රීඩා ඉසව්වල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංවිධානය කරන ලද දෙවන අභිප්‍රේරණ වැඩසටහන 2026 ඔක්තෝබර් මස 22 වන දින ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය. ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ සභාපති සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම අර්ධ දින වැඩසටහන වෘත්තීය ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක මහතා විසින් මෙහෙයවන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආත්මවිශ්වාසය ශක්තිමත් කිරීම, මානසික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තරගකාරී දක්ෂතා ඉහළ නැංවීම තුළින් ඔවුන් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. කණ්ඩායම් හැඟීම වර්ධනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ අභිප්‍රේරණය ඇති කිරීම ද මෙහි අරමුණක් විය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත 14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට මෙන්ම ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ද සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන දායක විය.