ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාධිපති පරීක්ෂණය 2026 ඔක්තෝබර් මස 24 වන දින සාර්ථකව අවසන් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත් ජයමහ මහතාගේ අණදීම යටතේ පැවති පරීක්ෂණ පෙළපාළිය ගුවන් හමුදාපතිතුමා විසින් නිරීක්ෂණය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කරමින් කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන් පහත සඳහන් සේවා පුද්ගලයන් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

•    ප්‍රධාන බලලත් නිලධාරි  ඔෆිසර් යූ.පී. මුතුකුමාරණ – A&P Fitt (Sp)
•    බලලත් නිලධාරි  වී.පී.එන්. සොයිසා – AGSE Mech SP (I)
•    බලලත් නිලධාරි  අයි.ජී.ආර්.පී. සෝමසිරි – Air Rad Tech Fitt (Sp)
•    බලලත් නිලධාරි  ආර්.කේ.පී.සී. රමනායක – Aero E&I Fitt (Sp)
•    බලලත් නිලධාරි  එම්.එම්.එස්.යූ.බී. කරුණාරත්න – F of Wks (III)
•    බලපංති සැරයන් තෙන්නකෝන් ටී.එම්.යූ.බී. – Ful QC Supsr (I)
•    බලපංති සැරයන් සමරවීර එස්.ජී.පී.ඩී. – Air Comm Supsr (Sp)
•    බලපංති සැරයන් ජයසුන්දර කේ.එම්.ඩී.එස්.එල්. – Aero E&I Fitt (Sp)
•    බලපංති සැරයන් වීරක්කොඩි එස්.කේ.ඒ.ආර්.එස්. – Turner (II)
•    බලපංති සැරයන් සුවන්දාරච්චි ඩී.ආර්.පී.කේ. – Carpenter Mech (II)
•    සැරයන් රුවන් කුමාර එස්.එච්.බී. – Ops Grd (I)
•    සැරයන් ලියනගේ එස්.එම්. – Alumn Fab Tech Splst (I)
•    සැරයන් හේරත් එච්.එම්.එන්.ආර්.කේ. – Cat Junr Supsr (I)
•    සැරයන් ජයන්ත බී.එස්.එස්. – Surface Tech (Sp)
•    සැරයන් සමරසිංහ එස්.කේ.ජී.සී.එන්. – Ful QC Supsr (I)
•    සැරයන් ප්‍රසාද් එම්.කේ.ඩී. – Log Supsr (I)
•    සැරයන් අමරකෝන් ඒ.එම්.ටී.පී. – Arm Fitt (I)
•    සැරයන් හර්ෂන් එස්.එස්. – A&P Fitt (Sp)
•    සැරයන් රන්දූනු ආර්.පී.ඩී.ඩී.එච්. – Air Rad Tech Fitt (Sp)
•    සැරයන් දර්ශන ඩබ්ලිව්.ටී.ජේ.එම්. – Cons Tech (III)
•    සැරයන් ප්‍රේමරත්න පී.ඒ.ජේ.පී. – Elect Tech (III)
•    කෝප්‍රල් රණසිංහ ආර්.ඒ.ජේ. – Muscn (II)
•    කෝප්‍රල් ප්‍රියදර්ශන එම්.එම්.එම්. – Muscn (II)
•    කෝප්‍රල් චමෝදනී එස්.වයි.එන්. – PTI (I)
•    කෝප්‍රල් විජේතුංග ඩබ්ලිව්.එම්.ඩී.එම්. – A&P Fitt (Sp)
•    කෝප්‍රල් කුමාර එස්.එස්. – AFW (III)
•    නායක ගුවන් භට  බණ්ඩාර ආර්.ජී.එස්.එස්. – Agri Asst (III)
•    නායක ගුවන් භට  මධුශංක ජී.එම්.අයි. – AC Mech (III)
•    නායක ගුවන් භට  වර්ණකුලසූරිය ඩබ්ලිව්.ඩී.ජී.එම්. – Elect Tech (III)

පරීක්ෂණය අතරතුරදී ගුවන් හමුදාපතිතුමා කඳවුරු මූලස්ථානය යටතේ පවතින අනුයුක්ත ඒකක සහ කඳවුරේ අනෙකුත් ප්‍රධාන අංශ වෙත ගොස් ඒවායේ මෙහෙයුම් හා පරිපාලනමය සූදානම පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.

අංක 03 විවේක හා  විනෝදාස්වාද පක්ෂාංගයේ  (No. 03 L&R Wing) භෝජන සංග්‍රහ පහසුකම් ගොඩනැගිල්ල සහ කඳවුරු ව්‍යායාම ශාලාවේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ කීර්ති නාමාවලිය ගුවන් හමුදාධිපතිතුමා විසින් විවෘත කරන ලදී.

යෝජිත නිලධාරී නිවාඩු නිකේතනය සහ ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන් භට විවාහක නිවාස පරිශ්‍රය ද ගුවන් හමුදාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.


ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් සේවා පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට විසිතුරු ශාක සහ ගෙවතු වගා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම අරමුණු කරගත් නව ‘උද්‍යාන මධ්‍යස්ථානය’ විවෘත කිරීම ද මෙම පරීක්ෂණයේදී සිදු කරන ලදී. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ පවතින කෘෂි නිෂ්පාදන වෙළදසැලට යාබදව පිහිටා ඇති මෙම උද්‍යාන මධ්‍යස්ථානය විසිතුරු සහ පලතුරු පැළ, මල් පෝච්චි, පොහොර, අත්‍යවශ්‍ය කෘෂි රසායන සහ අනෙකුත් ගෙවතු වගා සැපයුම් රාශියකින් සමන්විතයි . එය ගනුදෙනුකරුවන්ට වෘත්තීය මග පෙන්වීමක් ලබා දේ.  එමගින් ඔවුන්ගේ ගෙවතු වගා කටයුතුවලට සහාය වන අතර සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් අතර ගෙවතු වගාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කිරීමට දිරිගැන්වීමක් වනු ඇත .


Opening of Agro Garden Centre
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි