ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව සුබසාධන අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව සුබසාධන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් අශෝක කෝරළගේ මහතා 2026 ඔක්තෝබර් මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී නව සුබසාධන අධ්යක්ෂ ජනරාල්වරයා වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්රදානය කරන ලදී. එහිදී ගුවන් හමුදාපතිතුමන් නව ධුරයේ රාජකාරි කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා සිය සුබපැතුම් ද එක් කරන ලදී.
එයාර් වයිස් මාර්ෂල් අශෝක කෝරළගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හදාරා ඇත. ඒ මහතා 1993 අගෝස්තු මස 17 වන දින 26 වන නිලධාරී කැඩෙට් බඳවා ගැනීමට අයත් නිලධාරී කැඩෙට්වරයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ අතර 1995 අගෝස්තු මස 17 වන දින පරිපාලන අංශයේ නියමු නිලධාරියෙකු ලෙස අධිකාරියට පත් විය.
එයාර් වයිස් මාර්ෂල් අශෝක කෝරළගේ මහතා සිය සේවා කාලය තුළ දේශීය හා විදේශීය වශයෙන් වෘත්තීය සහ හමුදා පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇත. ඒ මහතා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයෙන් ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිය, කොළඹ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගෙන ඇත.
මීට අමතරව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, ඉන්දියාවේ ප්‍රොවෝස්ට් සහ ආරක්ෂක පාඨමාලාව, අණදෙන නිලධාරීන් සඳහා වන හඳුන්වාදීමේ පාඨමාලාව සහ උසස් ආරක්ෂක හඳුන්වාදීමේ පාඨමාලාව ද සාර්ථකව හදාරා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිය කීර්තිමත් සේවා කාලය තුළ ඒ මහතා ප්‍රධාන අණදෙන සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. ඒ අතර, III වන පුද්ගල පරිපාලන මාණ්ඩලික නිලධාරී , වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ පරිපාලන මාණ්ඩලික නිලධාරී, ගුවන් හමුදාපතිතුමන්ගේ පරිපාලන මාණ්ඩලික නිලධාරී, ගිණුම් මාණ්ඩලික නිලධාරී, ජ්‍යෙෂ්ඨ ගිණුම් මාණ්ඩලික නිලධාරී, විධාන සුබසාධන ව්‍යාපෘති නිලධාරී, ප්‍රාග්ධන සුබසාධන ව්‍යාපෘති අධ්යක්ෂ, පුද්ගල පරිපාලන අධ්යක්ෂ සහ කාන්තා පක්ෂාංගයේ අණදෙන නිලධාරී යන තනතුරු ප්‍රධාන වේ.
නව සුබසාධන අධ්යක්ෂ ජනරාල් ධුරයේ රාජකාරි භාර ගැනීමට පෙර ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රොවෝස්ට් මාර්ෂල් ලෙස රාජකාරි ඉටු කර ඇත.