ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර 48 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ 48 වන සංවත්සරය 2026 ඔක්තෝබර් මස 27 වන දින සැමරුම් වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත්ව සමරන ලදී. මෙම සැමරුම තුළින් කඳවුරේ සේවා කැපවීම, සුබසාධන කටයුතු සහ ප්‍රජා සබඳතා ශක්තිමත් කිරීම සඳහා දක්වන අඛණ්ඩ දායකත්වය මැනවින් පිළිබිඹු විය.
සංවත්සර සැමරුමට සමගාමීව පැවැති සම්ප්‍රදායික වැඩ පෙළපාළිය වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් නිපුණ තනිප්පුලියාරච්චි නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණය. එහිදී කඳවුර වෙනුවෙන් සිදු කළ විශිෂ්ට සේවය අගයමින් මෙහෙයුම් භූමි අංශය නියෝජනය කරන බලපංති සැරයන් ටී.එම්. ෆාහිම් මහතා වෙත කුසලතා සහතිකයක් ප්රදානය කරන ලදී.
වැඩ පෙළපාළියෙන් අනතුරුව කඳවුරේ සේවයේ නියුතු සියලුම සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද පතා මහා සංඝරත්නය විෂයෙහි සාම්ප්‍රදායික දානමය පින්කමක් පැවැත්විය. එමෙන්ම මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරන ලදී.
සංවත්සර සැමරුමට සමගාමීව වවුනියාව පූවරසන්කුලම් පාසලේ පාසල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර වර්ණාලේප කිරීමේ කටයුතු ද ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර විසින් සාර්ථකව නිම කරන ලදී. 2026 ඔක්තෝබර් මස 26 වන දින ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල නිල වශයෙන් පාසල වෙත භාරදීම සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ජනතාවට සහාය වීම මෙන්ම පාසලේ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා කඳවුර දක්වන කැපවීම යළිත් තහවුරු විය.
පුදුබුලන්කුලම ශ්‍රී රතනසාර විහාරස්ථානයේ බුදු මැදුරක් සහ සනීපාරක්ෂක පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් ද පැවැත්විය. ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ සාමාජිකයින් ශ්‍රම දායකත්වය ලබා දෙමින් ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධනය සඳහා අඛණ්ඩව දායකත්වය සපයනු ලබයි.
මීට අමතරව කඳවුර ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අසල අලුතින් ඉදිකරන ලද බස් නැවතුම්පොළක් ද කඳවුරේ සාමාජිකයින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය SLT-MOBITEL ආයතනය විසින් ලබා දී ඇත. ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ සාමාජිකයින් විසින් සිදු කරන ලදී. මෙමඟින් කඳවුර සහ එහි හවුල්කාර ආයතන එක්ව පුළුල් ප්‍රජාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ සහයෝගීතාව මැනවින් පිළිබිඹු විය.