සේවා ස්ථානය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතය සහ ඒ ආශ්‍රිතව මතුවන අභියෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය
සේවා ස්ථානය තුළ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) භාවිතය සහ ඒ ආශ්‍රිතව මතුවන නව අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
ගුවන් හමුදා පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන, පරිපාලන අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. සේවා ස්ථානය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඒ ආශ්‍රිතව මතුවන අවදානම් සහ අභියෝග පිළිබඳව නිලධාරීන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ විය.
නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මාධ්‍ය සහ දේශපාලනය පිළිබඳ ආචාර්ය උපාධියක් (PhD) හිමි පර්යේෂකයෙකු සහ දේශකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව මහතා මෙම වැඩසටහනේ සම්පත්දායකයා ලෙස කටයුතු කරන ලදී.
පැය තුනක කාලයක් පුරා පැවැති මෙම දැනුවත් කිරීමේ සැසිය තුළ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම, නිල හා පරිපාලන කටයුතු සඳහා එහි භාවිතය, කෘත්‍රිම බුද්ධිය මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් සහ ලේඛන වංචා, තොරතුරු ආරක්ෂාව හා රහස්‍යභාවය, මූල්‍ය වගවීම මෙන්ම සේවා ස්ථානය තුළ කෘත්‍රිම බුද්ධිය වගකීම්සහගතව සහ ආරක්ෂිතව භාවිත කිරීම යන කරුණු පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන ලදී.
එමෙන්ම ඩිජිටල් පියසටහන් (Digital Footprints) සහ අන්තර්ජාලය තුළ සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම කෘත්‍රිම බුද්ධියේ සහාය ඇතිව නිර්මාණය කරන අන්තර්ගතයන් හේතුවෙන් දිගුකාලීනව ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ අධ්යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් නිලධාරීන් 70 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් කෘත්‍රිම බුද්ධිය වගකීම්සහගතව භාවිත කිරීමේ අවශ්‍යතාව, සංවේදී තොරතුරුවල ආරක්ෂාව තහවුරු කිරීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල කටයුතු හා පරිපාලන ක්‍රියාවලීන්හි අඛණ්ඩතාව, සත්‍යතාව සහ වගවීම ආරක්ෂා කිරීමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කරන ලදී.