ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් සංවිධානය කරන ඊගල්ස් මොන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලිය – 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් පිටිය විසින් සංවිධානය කරනු ලබන පස්වන ඊගල්ස් මොන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලිය 2026 නොවැම්බර් මස 01 වන දින ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් පිටියේදී සාර්ථකව පැවැත්විය. පිරිමි සහ කාන්තා දෙඅංශයේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත වූ මෙම තරගාවලිය සඳහා විශාල පිරිසක් සහභාගී විය. එය තරගකාරීත්වය සහ ක්‍රීඩාශීලීත්වය විදහා දැක්වූ සුවිශේෂී ක්‍රීඩා ඉසව්වක් බවට පත්විය.

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිලෝන් ඒරෝනොටිකල් සර්විස් (පුද්ගලික) සමාගම (Ceylon Aeronautical Service (Pvt) Ltd) කටයුතු කරන ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවය ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය මාර්බල් බීච් රිසෝට් පරිශ්‍රයේදී පැවැත්විය.

මෙම තරගාවලිය පිරිමි සහ කාන්තා අංශ දෙක යටතේ පැවැති අතර ඊට අමතරව ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් ඊගල්ස් මොන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය (Eagles’ Monsoon Defence Challenge Trophy) සඳහා ද තරග පැවැත්විය.

ඊගල්ස් මොන්සූන් කුසලාන තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ජයලත් පෙරේරා මහතා විසින් දිනාගනු ලැබූ අතර, කාන්තා අංශයේ ශූරතාව මනෝරි ජයකොඩි මහත්මිය විසින් දිනා ගන්නා ලදී. එහි පිරිමි අංශයේ අනුශූරතාව පාලිත මාරප්පෙරුම මහතාට හිමි වූ අතර, කාන්තා අංශයේ අනුශූරතාව ෆ්‍රැන්සිස්කා ද මෙල් මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පැවැති ඊගල්ස් මොන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලාන තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් පී.ජේ.ඩබ්ලිව්. පිටවල මහතා විසින් දිනාගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන් එච්.ඩී.එස්.එන්. රණහංසල මහත්මිය විසින් දිනා ගන්නා ලදී. එහි පිරිමි අංශයේ අනුශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු පී.එම්. මුම්මුල්ලගේ මහතාට හිමි වූ අතර, කාන්තා අංශයේ අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කේ.පී.එස්.එස්. ලක්ෂ්මි මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී.

තරගාවලියේ සුවිශේෂී ජයග්‍රාහකයින්


ඊගල්ස් මොන්සූන් කුසලාන සහ ආරක්ෂක අභියෝගතා කුසලාන අංශයේ විශේෂ ජයග්‍රහණ

 කාන්තා අංශයේ ළඟම පහර (Nearest to the Pin) – වින්ග් කමාන්ඩර් කේ.පී.එස්.එස්. ලක්ෂ්මි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව).
 පිරිමි අංශයේ ළඟම පහර (Nearest to the Pin) – කොමදෝරු මංජුල පියතිලක (ශ්‍රී ලංකා නාවික හමුදාව).

ඊගල්ස් මොන්සූන් කුසලාන අංශයේ විශේෂ ජයග්‍රහණ
  කාන්තා අංශයේ ළඟම පහර – ෆ්‍රැන්සිස්කා ද මෙල් මහත්මිය.
  පිරිමි අංශයේ ළඟම පහර – කපිතාන් ජයලත් පෙරේරා (විශ්‍රාමික).

සැඟවුණු සිදුරු හයේ තරගය (Six Hidden Holes Competition)
අණදෙන නිලධාරී විසින් තෝරාගත් 3, 5, 9, 12, 14 සහ 17 යන සිදුරු හයෙහි ලබාගත් ශුද්ධ ස්ටේබල්ෆර්ඩ් ලකුණු (Net Stableford Points) අනුව හොඳම ප්‍රතිඵලය වාර්තා කළ ජයග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු පී.එම්. මුම්මුල්ලගේ මහතා තේරී පත්විය.

දිගම පහර සඳහා වූ ජයග්‍රහණ (Longest Drive)

  ආරක්ෂක අභියෝගතා කුසලානය – කාන්තා අංශය: කපිතාන් එච්.ඩී.එස්.එන්. රණහංසල (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව).
  ආරක්ෂක අභියෝගතා කුසලානය – පිරිමි අංශය: කපිතාන් පී.වී.ටී. මහේෂ් (ශ්‍රී ලංකා නාවික හමුදාව).
   මොන්සූන් කුසලානය – කාන්තා අංශය: විවියන් ෆවුලර්වොට් මහත්මිය.
  මොන්සූන් කුසලානය – පිරිමි අංශය: මේජර් ජෙනරාල් ශ්‍රීනාත් රාජපක්ෂ (විශ්‍රාමික).

ඊගල්ස් මොන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය – 2026 (ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණි)

   කාන්තා අංශයේ ශූරතාව: කපිතාන් එච්.ඩී.එස්.එන්. රණහංසල (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව).
  පිරිමි අංශයේ ශූරතාව: වින්ග් කමාන්ඩර් පී.ජේ.ඩබ්ලිව්. පිටවල (ශ්‍රී ලංකා ගුවන් හමුදාව).
  කාන්තා අංශයේ අනුශූරතාව: වින්ග් කමාන්ඩර් කේ.පී.එස්.එස්. ලක්ෂ්මි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව).
  පිරිමි අංශයේ අනුශූරතාව: කොමදෝරු පී.එම්. මුම්මුල්ලගේ (ශ්‍රී ලංකා නාවික හමුදාව).
  
ඊගල්ස් මොන්සූන් කුසලානය – 2026
  කාන්තා අංශයේ ශූරතාව: මනෝරි ජයකොඩි මහත්මිය.
 පිරිමි අංශයේ ශූරතාව: කපිතාන් ජයලත් පෙරේරා මහතා.
 කාන්තා අංශයේ අනුශූරතාව: ෆ්‍රැන්සිස්කා ද මෙල් මහත්මිය.
 පිරිමි අංශයේ අනුශූරතාව: පාලිත මාරප්පෙරුම මහතා.

විශේෂ සම්මානය

වුඩන් ස්පූන් (Wooden Spoon) – නිමල් ජයසිංහ මහතා.
මෙම තරගාවලිය සාර්ථකව නිමාවට පත්වීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ද ක්‍රීඩාශීලීත්වය, සුහදතාව සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි